මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රට රකින නිල් පවුරේ නියෝජිත සමුළු 334ක් අවසන් Featured

    අගෝස්තු 20, 2014
    රට රකින නිල් පවුර - සුරකිමු මව්බිම තේමාව යටතේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මගපෙන්වීම මත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආසන මට්ටමෙන් ක්‍රියාත්මක කරන සම්මේලන මාලාව යටතේ මේ වන විට පක්‍ෂ නියෝජිත, කාන්තා සහ  තරුණ සමුළු 334ක් පවත්වා තිබේ.
     
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ගමන් මග සහ රටත්, ජනතාවත් සමීප කරුණු රැසක් සාකච්ඡාවට ලක් කළ මෙම වැඩසටහන යටතේ ආසන නියෝජිත සම්මේලන 104ක් ද, කාන්තා නියෝජිත සම්මේලන ආසන 84ක් ද, තරුණ සම්මේලන 146ක් ආසන 20කදී පවත්වා තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඉතිහාසය තුළ වඩාත් ආකර්ෂණීය සහ අතිවිශාල සාමාජික සහභාගිත්වයකින් යුත් මෙම නියෝජිත සමුළු පක්‍ෂය අපේක්ෂිත සංඛ්‍යාවටත් වඩා විශාල ජන සහභාගිත්වයක් ලැබී තිබිණි.
     
    ආසන සම්මේලන සහ කාන්තා නියෝජිත සම්මේලන සඳහා එක් රැස්වීමට 3,000කට ආසන්න පිරිසක් සහභාගි වී ඇති අතර මැතිවරණ කොට්ඨාස 104 එම සම්මේලන සඳහා සහභාගි වූ මුළු සංඛ්‍යාව 218,300කි. කාන්තා නියෝජිත සමුළු 84 සඳහා සහභාගි වූ සංඛ්‍යාව 179,990කි. ආසන 20ක තරුණ සමුළු සඳහා සහභාගි වූ සංඛ්‍යාව 124,540කි. ශ්‍රී.ල.නි. පක්ෂය ප්‍රධාන අනු සංවිධාන වන කාන්තා, තරුණ අමතරව පැවිදි, නීතිඥ, ගුරු, ගොවි, ආයුර්වේද වෛද්‍ය, ඇතුළු සංවිධාන ද මෙම වැඩසටහන යටතේ ප්‍රතිසංවිධානය කර තිබේ.
     
    ශ්‍රී.ල.නි. පක්ෂ සාමාජිකයන් බඳවා ගැනීමේ නිල් රැල්ල වැඩසටහන ඉකුත් වසරේ දී එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතාගේ මෙහෙයවීමෙන් පැවති අතර එහි දී ලක්ෂ 23ක් ශ්‍රී.ල.නි. පක්ෂයට නව සාමාජිකයන් සාමාජිකත්වය ලබාගනු ලැබීය. එය අපේක්ෂිත ඉලක්කය මෙන් දෙගුණයකි.
     
    දැනට පැවැත්වූ නියෝජිත සම්මේලන මාලාවේ පක්ෂය වෙනුවෙන් මුලසුන හොබවන ලද කණ්ඩායමේ නායකයන් වශයෙන් අමාත්‍යවරුන් වන මෛත්‍රිපාල සිරිසේන, නිමල් සිරිපාල ද සිල්වා, සුසිල් ප්‍රේමජයන්ත සහ ඩලස් අලහප්පෙරුම යන මහත්වරු කටයුතු කළහ. 
     
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් සහභාගි වූ පක්ෂයේ නිලධාරි කණ්ඩායම වශයෙන් අමාත්‍යවරුන් වන මහීපාල හේරත්, විජයමුණි සොයිසා, ජෝන් සෙනෙවිරත්න, අනුර යාපා, පවිත්‍රා වන්නිආරච්චි, රංජිත් සියඹලාපිටිය, සී.බී. රත්නායක සහ ජගත් පුෂ්පකුමාර යන මහත්ම මහත්මීහු සහභාගී වූහ. 
     
    මෙම නියෝජිත සමුළු 104 සම්බන්ධීකාරකවරුන් වශයෙන් 18 දෙනෙකු එක් ව සිටියහ. නියෝජිත සම්මේලන 104 පක්ෂය වෙනුවෙන් කථිකයන් ලෙස අමාත්‍යවරුන් වන එස්.බී. දිසානායක, ටී.බී. ඒකනායක, මහින්දානන්ද අලුත්ගමගේ, ඩිලාන් පෙරේරා, ෆීලික්ස් පෙරේරා, මහින්ද අමරවීර, සාලින්ද දිසානායක, ජයරත්න හේරත්, රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ප්‍රධාන අමාත්‍යවරුන් වන ශාන් විජයලාල්, සරත් ඒකනායක, දයාසිරි ජයසේකර, නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන නන්දිමිත්‍ර ඒකනායක, ලලිත් දිසානායක, එච්.ආර්. මිත්‍රපාල, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ශාන්ත බණ්ඩාර, රංජිත් ද සොයිසා, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ජානක වක්කුඹුර, ජානක බණ්ඩාර, අරුන්දික ප්‍රනාන්දු, මනුෂ නානායක්කාර, ෂෙහාන් සේමසිංහ, එරික් වීරවර්ධන යන මහත්ම මහත්මීහු 26 දෙනෙකු සහභාගි වූහ. 
     
    මැති ඇමතිවරුන් ප්‍රමුඛ කථිකයන්ට අමතරව බුද්ධිමතුන්, සරසවි ආචාර්යවරුන්, නීතිඥවරුන්, ආයතන ප්‍රධානීන් ඇතුළු වෘත්තීයවේදීන් විශාල පිරිසක් ද දේශන පවත්වන ලදී.
     
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා ආසන නියෝජිත සම්මේලන 84 සඳහා සම්බන්ධීකාරිකවරියන් 18 දෙනෙකු කණ්ඩායම් 06ක් යටතේ කටයුතු කරන ලදී. එම කාන්තා නියෝජිත සම්මේලනවල දේශකවරියන් ලෙස පවිත්‍රා වන්නිආරච්චි, සුමේධා ජයසේන අමාත්‍යවරියන් ද, නියෝජ්‍ය අමාත්‍ය නිරූපමා රාජපක්ෂ සහ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, කමලා රණතුංග, මාලනි ෆොන්සේකා, උපේක්ෂා ස්වර්ණමාලි ය‍න පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ද පළාත් සභා මන්ත්‍රීවරියන් 11 දෙනෙකු ද, පළාත් පාලන ආයතන සභාපතිනියන් 2 ඇතුළු කිහිප දෙනෙකුම කටයුතු කරන ලදී. 
     
    දැනට ඉතිරි ව ඇති උතුරු නැගෙනහිර ආසනවල ශ්‍රී.ල.නි. පක්ෂ ආසන සම්මේලන සහ කාන්තා නියෝජිත සම්මේලන පැවැත්වීම ඌව පළාත් සභා මැතිවරණයෙන් පසු සිදුකිරීමට සියලු කටයුතු යොදා තිබේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya