මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික පර්යේෂණ හා සංවර්ධන සැලැස්මට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අදහස් විමසයි

    අගෝස්තු 20, 2014
    තාක්ෂණ හා පර්යේෂණ ක්ෂේත්‍රයේ ඉදිරි ගමන් මඟ පිළිබඳ ව පස් අවුරුදු සැලැස්මක් සකස් කර තිබෙන බවත් එය ක්‍රියාත්මක කිරීමෙන් ආර්ථීකයට දක්වන දායකත්වය කොපමණ ද යන්න වසරින් වසර මැන බැලීමට කටයුතු කරන බවත් අමාත්‍ය චම්පික රණවක මහතා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හමුවේ ප්‍රකාශ කළේය. 
     
    රටට අත්‍යවශ්‍ය සේවා ක්ෂේත්‍ර 10ක් හඳුනාගනු ලැබූ අතර, ඒ ක්ෂේත්‍ර සඳහා මැදිහත්විය යුතු තාක්ෂණයන් පිළිබඳ ව තීරණය කර මේ සම්බන්ධයෙන් කමිටු ගණනාවක් මේ වන විට පත්කර ඇත. එහි ක්ෂේත්‍ර 10ක් හා මැදිහත්වීම් 10ක් තෝරා ගනු ලැබු අතර ක්‍රියාකාරකම් 100ක් ඇතුළත්ය. මේ ක්‍රියාකාරකම් 100ට සිය දෙනෙක් පත්කොට මූලික හඳුනාගැනීමක් සිදු කළ අතර එම හඳුනාගැනීම් විද්‍යාඥයින්ට ඉදිරිපත් කොට ඔවුන්ගේ අදහස් ද ලබාගනු ලැබීය.
     
    මේ සම්බන්ධ සාකච්ඡාවන් තවදුරටත් ඉදිරියට ගෙන යන අතර එහි එක් අවස්ථාවක් ලෙස විශ්වවිද්‍යාල පද්ධතියේ ආචාර්ය, මහාචාර්යවරුන් සමඟ ඔවුන්ගේ අදහස් මේ සඳහා ලබාගැනීමට කටයුතු කරන අතර පුළුල් පරාසයක පිරිස් සමඟ සාකච්ඡා කිරීමෙන් පසු ලබන සැප්තැම්බර් මාසයේ මෙය විධිමත් සැලැස්මක් ලෙස අතිගරු ජනාධිපතිතුමාට ඉදිරිපත් කිරීම අපගේ අරමුණ බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. 
     
    ශ්‍රී ජයවර්ධනපුර, කැලණිය, කොළඹ, මොරටුව සහ පේරාදෙණිය විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සමඟ මේ වන විට සාකච්ඡා කොට ඇති බවත් ඒ සඳහා ආචාර්යවරුන්ගේ ප්‍රතිචාර ලැබෙමින් පවතින අතර මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya