රට රකින නිල් පවුර - සුරකිමු මව්බිම තේමාව යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා නියෝජිත සම්මේලනය, 1500කට අධික කාන්තා නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් වියළුව ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, සීනි කර්මාන්ත සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතාගේ සංවිධානයෙන් සොරණාතොට ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදි පසුගිය දා පවත්වන ලදී.
මෙම අවස්ථාවට ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද, පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු, දකුණු පළාත් ආණ්ඩුකාර කුමාරි බාලසුරිය, බස්නාහිර පළාත් සභාවේ හිටපු පළාත් සභා මන්ත්‍රී අශෝක ලංකාතිලක, සිනමා නිළි ගයේෂා පෙරේරා ඇතුළු විශාල පිරිසක් සහභාගි වුහ.
MAP