අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තරුණ තරුණියන් ලෝකයේ අනාගතය Featured

    අප්‍රේල් 03, 2014
    ලොව ජනගහනයෙන් මිලියන 1200ක තරුණ ජනගහනයක් වෙසෙන බවත් ඉන් 79%කට වැඩි පිරිසක් අප්‍රිකානු හා ආසියානු කලාපයේ වෙසෙන බවත් යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රී මොහාන් ලාල් ග්‍රේරු මහතා පැවසීය.
     
    ග්‍රේරු මහතා මේ බව ප්‍රකාශ කළේ අද (03) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
     
    මෙම තරුණ පිරිසෙන් 45%ක පිරිසකගේ දෛනික ආදායම ඩොලර් දෙකකට වඩා අඩු බව පෙන්වා දුන් ඒ මහතා මෙවර ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන ලෝක තරුණ සමුළුව ආසියානු රටක පැවැත්වෙන්නේ පළමු වතාවට බවත් පෙන්වා දුන්නේය.
     
    මෙම තරුණ සමුළුව ලෝකයේ සෙසු රටවල තරුණ තරුණියන්ට මෙන්ම ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ට ද සුවිශේෂී අවස්ථාවක් වනු ඇතැයි තමන් විශ්වාස කරන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya