අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුලතිව් නව නිවාස සහ ගොවිබිම් ජනසතු කිරීම අද Featured

    අප්‍රේල් 03, 2014

    මුලතිව්හි කෙප්පාපුලව් ගම්මානයේ ආරක්ෂක හමුදාව මඟින් ඉදිකරන ලද නව නිවාස 100ක් එම ප්‍රදේශවාසීන් වෙත ලබා දීම හා ප්‍රතිලාභීන් 29 දෙනෙකු සඳහා කුඹුරු ඉඩම්වල සහතිකපත් ප්‍රදානය කිරීම අද (04) ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් සිදු කෙරේ.


    නිවාස ප්‍රදානය කිරීම සංකේතවත් කරමින් පළමු නිවස ප්‍රදානය කිරීම අද පෙරවරු 11.00ට පමණ කෙප්පාපිලව් ගම්මානයේ දී සිදුකරනු ලබන අතර ප්‍රතිලාභීන් 100 දෙනෙකු වෙත නිවාසවල යතුරු ප්‍රදානය කිරීමේ උත්සවය මධ්‍යහ්න 12.00ට ආරම්භවීමට නියමිතව තිබේ.

    අනතුරුව වෙල්ලමුල්ලිවෛක්කාල් ගම්මානයේ දී ද නිවාස 12ක් සඳහා නිවාසලාභීන්ට යතුරු ප්‍රදානය කිරීම ආරක්ෂක ලේකම්වරයා අතින් සිදු කෙරේ.

    මේ සියලුම නිවාස ශ්‍රී ලංකා යුධ හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් හා නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශයේ ප්‍රතිපාදන වැය කර ඉදිකර තිබේ.

     

    මේ අවස්ථාවට මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජගත් ඩයස් මහතා ඇතුළු ආරක්ෂක අංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද මුලතිව් දිස්ත්‍රික් ලේකම් වේදනායගම් මහතා ඇතුළු රජයේ නිලධාරීන් ද සහභාගී වීමට නියමිතව ඇත.

    HC (මුලතිව් සිට)

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya