මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කළුගඟ ජලාශ දියවර මංගල්‍යය හා අඹන නව නගරය ජනතා අයිතියට පැවරීම අද ජනපති ප්‍රධානත්වයෙන්

    නොවැම්බර් 07, 2019

    21 වන සියවසේ මෙරට වාරි විස්මිතය ලෙස හැඳින්වෙන මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියට සම්බන්ධ අනෙක් මහා ජලාශය වන කළුගඟ ජලාශයේ සංචිත දිය දහර සුබ මුහුර්තියෙන් මුදාහැරීම සහ අඹන නව නගරය ආශ්‍රිතව ඉදි වූ රේඛීය රාජ්‍ය ආයතන ජනතා අයිතියට පවරාදීම ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  අද  (07) පෙරවරුවේ සිදු කෙරේ.

    මාතලේ දිස්ති‍්‍රක්කයට අයත් දුම්බර මිටියාවතේ නකල්ස් කඳුවැටියේ කලුපහන ප‍්‍රදේශයෙන් ආරම්භ වන කළුගඟ ලග්ගලල පල්ලේගම ප‍්‍රදේශයේ දී හරස් කරමින් කළුගඟ ජලාශය නිර්මාණය කර තිබේග මෙහි සම්පූර්ණ ධාරිතාව ඝන මීටර් දස ලක්ෂ 248කි. එනම් අක්කර අඩිවලින් 200,880 කිග මෙම ජලාශයේ ප‍්‍රධාන වේල්ලේ දිග මීටර් 618 ක් වන අතර උස මීටර් 68කි. වේල්ලේ මුදුනත පළල මීටර් 8ක් වේ.

    මෙහි අනෙකුත් සැඳලි වේලි ජලාශයට දකුණු පස ඉදිවන අතර එහි දිග මීටර් 28ක් වන අතර උස මීටර් 719කි. ජල පෝෂක ප‍්‍රදේශය වර්ග කිගමි 128 ක් වන අතර ජලාශයේ වර්ග ප‍්‍රමාණය වර්ග කිගමිග 14.5 කි.

    කළුගඟ පහළ නිම්න ප‍්‍රදේශයේ නැවත පදිංචි කරනු ලබන පවුල් 3,000 ක් සඳහා කළුගඟ ජලාශයෙන් ජලය සැපයෙන අතරල පැරණි හත්තොට අමුණෙන් ජලය ගෙන ගොස් සංවර්ධනය කරන ලද අක්කර 2,000ක පමණ ප‍්‍රමාණයක් තිරසරව වගා කිරීම සඳහා අවශ්‍ය ජලය සැපැයීමෙන් අනතුරුව අතිරික්ත ජල ප‍්‍රමාණය මොරගහකන්ද ජලාශය වෙත නිකුත් කිරීම කරනු ලබයි. ඒ සදහා කිලෝ මීටර් 9ක් වූ ඇළ මාර්ගයක් ඉදිකර තිබෙන අතරල මෙම ඇළ මාර්ගය මගින් කළුගඟ ජලාශයේ පිරෙන ජලය තත්ත්පරයකට ඝන මීටර් 35ක් මොරගහකන්ද ජලාශයට ගමන් කරයිග මෙම උමගේ පළල අඩි 25 ක් වන අතරල ඇළේ පළල අඩි 25 කි. මෙහි සියලු සැලැසුම් පරිසර හිතකාමී අයුරින් නිර්මාණය වීම විශේෂත්වයකි.

    කළුගඟ ජලාශය නිර්මාණය වීම හේතුවෙන් මොරගහකන්ද – කළුගඟ ව්‍යාපෘතියේ ඉහළ ඇළහැර ඇළ මඟින් මහකනදරාව දක්වා ගෙන යන ජල ප‍්‍රමාණය හා පැරැණි අඹන් ගඟල යෝධ ඇළ හරහා මින්නේරියල ගිරිතලේ කවුඩුල්ලල කන්තලේ දක්වා ගෙන යන ජල ප‍්‍රමාණය තවත් වර්ධනය වී ඒ ප‍්‍රදේශවල කෘෂිකර්මික සංවර්ධනය තව දුරටත් පුළුල් වේග මේ හැර පැරණි අඹන් ගඟ ඔස්සේ බෝවතැන්න ජලාශයේ සිට මොරගහකන්ද ඇළහැර අමුණ ප‍්‍රදේශයෙන් ගලා ගිය ජල ප‍්‍රමාණය වයඹ ප‍්‍රදේශයේ පවුල් 40,000 කට පමණ වසර පුරා තිරසර ලෙස වගා කිරීමටත් අනෙකුත් පානීය හා කර්මාන්ත සඳහා අවශ්‍ය ජලය සැපැයීමටත් හැකි වනසේ කළුගඟ ජලාශයේ ජලය මොරගහකන්ද ජලාශය වෙත සැපැයීම සිදු වේ.

    ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා රජ රට ජනතාව වෙනුවෙන් දුටු දීර්ඝකාලීන සිහිනයක් සැබෑ කරමින් එතුමාගේ අසීමිත කැපවීම මත මහවැලි මහ සැලැස්මේ අවසන් ව්‍යාපෘතිය ලෙස මොරගහකන්ද කළුගඟ මහා ජලාශ ව්‍යාපෘතිය ජාතියට දායාද කෙරිණිග මොරගහකන්ද – කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 1200ක වියදමින් සංවර්ධනය කෙරුණු අඹන නව නගරයේ නව රෝහලල සමෘද්ධි බැංකුවල ගොවිජන සේවා මධ්‍යස්ථානයල බස් නැවතුම්පොළ ආදී රේඛීය ආයතන ජනතා අයිතියට පත් කිරීම ද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya