මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ ඉදිකිරීම් ඇරඹේ Featured

    සැප්තැම්බර් 27, 2019

    මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය යටතේ පරිපාලිත උපාය මාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය මගින් ක‍්‍රියාත්මක මහනුවර බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානය ඉදිකිරීම් ආරම්භය මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප‍්‍රධානත්වයෙන් මැති ඇමතිවරුන් ඇතුලූ පළාත් පාලන නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් ඊෙය්(26) දින මහනුවර නගරයේදී සිදුවිය.

    මහනුවර නගරය තුළ ඇති ගුඞ්ෂෙඩ් බස් නැවතුම්පොල, ඔරලෝසු කණුව අසල බස් නැවතුම්පොල හා ටොරින්ටන් අසල බස් නැවතුම්පොල යන සියලූ නැවතුම්පොලවල් එක් ස්ථානයකට ගෙන දුම්රියත් සමග සම්බන්ධ කරමින් මෙම බහුමාදිලි ප‍්‍රවාහන මධ්‍යස්ථානය ඉදිකිරීමට යෝජිතය. මෙම ව්‍යාපෘතියේ මුලික අදියරයේදී බ්ම් සකස් කිරීමත්, අනතුරුව ප‍්‍රධාන ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භය ලබන වසරේ පෙබරවාරි මස සිදු කිරීමට නියමිත අතර 2023 දී අවසන් කිරීමට නියමිතය. ලෝක බැංකු ආධාර යටතේ ක‍්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 10,000 ක් ආයෝජනය කිරීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya