ලබන ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී ඡන්ද අවභාවිතය වැලැක්වීම පිණිස මැතිවරණ කොමිෂන් සභාව විසින් මිය ගිය හා විදේශගත ඡන්දදායකයින්ගේ තොරතුරු ලබා ගැනීමට පියවර ගෙන ඇත. ඒ අනුව 2018 වර්ෂ ඡන්ද හිමි නාමලේඛනයේ ඔබ ගෘහයේ නම් ඇතුළත් ඡන්දදායකයන් අතරින් 2019.10.01 දින වන විට මිය ගිය හෝ විදේශගත ඡන්දදායකයන්ගේ තොරතුරු 2019.10.05 දිනට පෙර පදිංචි ප්‍ර දේශයට අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට හෝ ප්‍ර දේශයේ ග්‍රාම නිලධාරී වෙත දැනුම් දෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.