මෙම මාසය තුළ තොරතුරු දැනගැනීමේ පනත ආශ්‍රිත ක්‍රියාකාරකම් හි යෙදීමට සියලු රාජ්‍ය ආයතන වෙත උපදෙස් ලබා දෙමින් චක්‍ර ලේඛයක් නිකුත් කිරීමටත්, එයට සමගාමී ව දිවයින පුරා සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි සිවිල් පුරවැසියන් දැනුම්වත් කිරීමේ වැඩ සටහන් ක්‍රියාත්මක කිරීමටත් ජනමාධ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබේ.
මෙයට අමතර ව 'ගමට තොරතුරු අයිතිය' මැයෙන් තොරතුරු දැනගැනීමේ (RTI) ජංගම සේවාවක් තෝරාගත් දිස්ත්‍රික්ක 05 ක ක්‍රියාත්මක කිරීමටත් කැබිනට් නොවන ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාගේ ඉල්ලීම පරිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.