අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “රට වෙනුවෙන් එකට සිටිමු”-යාපනය දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් රුපියල් කෝටි 50ක් - සමාප්ති උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

    අගෝස්තු 31, 2019

    රට වෙනුවෙන් එකට සිටිමු” ජාතික සංවර්ධන වැඩසටහනේ යාපනය දිස්ත්‍රික් සමාප්ති උත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්   (30) පස්වරුවේ යාපනයේ මුත්තවේලි නගර සභා ක්‍රීඩාංගණයේ පැවත්විණි.

    දිස්ත්‍රික්කයේ ජීවත්වන හයලක්ෂ පහළොස් දහසකට අධික ජනතාව අතරින්, හාරලක්ෂ පනස්දහසකට අධික ජනතාවක් එම වැඩසටහන සමඟ එක්ව සිටී අතර ව්‍යාපෘති 5900ක් වෙනුවෙන් වැය කළ මුදල රුපියල් කොටි 50කට අධිකය.

    අද දිනයේ ද තවත් ප්‍රතිලාභ රැසක් බෙදාදීම ජනාධිපතිතුමා අතින් සංකේතවත් කෙරිණි.

    මේ අතර වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකායේ සම්බන්ධීකරණයෙන් නාවික හමුදාව විසින් කන්නකි අම්මාන් කෝවිලේ ඉදිකළ ප්‍රතිආශ්‍රැතකරන ජල පද්ධතිය ජනතා අයිතියට පැවරීම සහ කිලිනොච්චිය කලාප අධ්‍යාපනය කාර්යාලය ඩිජිටල් තාක්ෂණය ඔස්සේ විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

    එමෙන්ම තිරුක්කුරල් සංග්‍රහය ඇගයීමට ලක් කරමින් සමරු මුද්දරයක් නිකුත් කිරීම ද සිදු වූ අතර තිරුක්කුරල් ග්‍රන්ථය රාජ්‍ය ඇගයීමට ලක් වූ පළමු අවස්ථාව මෙය වීම  විශේෂත්වයකි.

    උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන්, අබ්දුල් හලීම්, විජයකලා මහේෂ්වරන්, මාවෙයි සේනාධිරාජා, එම්.ඒ. සුමන්තිරන්, අංගජන් රාමනාදන්, කාදර් මස්තාන්, ධර්මලිංගම් සිද්ධාර්ථන් යන මැති ඇමතිවරුන් ඇතු`ථ පළාතේ මහජන නියෝජිතයන් රැසක් ද ජනාධිපති ලේකම්, ආරක්ෂක ලේකම්, යාපනය දිස්ත්‍රික් ලේකම්, ඇතුළු රාජ්‍ය නිලධාරිහු සහ ආරක්ෂක අංශ ප්‍රධානිහු ද මීට එක්ව සිටියහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya