අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ ආරක්ෂක සමුළුව ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

    අගෝස්තු 29, 2019

    ශ්‍රී ලංකා යුද හමුදාව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන කොළඹ ආරක්ෂක සමුළුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29) උදෑසන කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ විය.

     ''සමකාලීන ආරක්ෂක වටපිටාව තුළ විකාශනය වන හමුදාමය විශිෂ්ටත්වය'' යන්න මෙවර සමුළුවේ තේමාවයි. දින 2ක් පුරා පැවැත්වෙන සමුළුව සඳහා ලොවපුරා ආරක්ෂක විෂයට සම්බන්ධ පාර්ශ්වකරුවන්, විද්වතුන් සහ විශේෂඥයින් රැසක් සහභාගී වී සිටියි.ආරක්ෂක විෂය සම්බන්ධයෙන් විදේශීය විද්වතුන් 13දෙනෙකු දේශීය කථිකයින් 12දෙනෙකු ඇතුළු නියෝජිතයින් 800කට අධික පිරිසක්  මෙවර සමුළුව සඳහා සහභාගී වී සිටියි.

    විද්වත් කතිකාවතකට මුල පුරමින් දින 2ක් පුරා පැවැත් වෙන සමුළුව සඳහා ලොවපුරා ආරක්ෂක විෂයට සම්බන්ධ පාර්ශ්වකරුවන්, විද්වතුන් සහ විශේෂඥයින් රැසක් සහභාගී වී සිටියි.

    පිළිගැනීමේ කතාව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් සිදු කල අතර, සමුළුවේ සමාරම්භක දේශනය හවායි හි ආරක්ෂක අධ්‍යයනය සඳහා වූ ආසියා - පැසිෆික් මධ්‍යස්ථානයේ ආදි ශිෂ්‍යයෙකු, මාධ්‍ය ව්‍යවසායකයකු ,උපායමාර්ගික කටයුතු විශ්ලේෂකයෙකු මෙන් ම හමුදා ඉතිහාසය පිළිබඳ ග්‍රන්ථ කාර්තෘවරයෙක් වන නිතින් ඒ ගෝක්ලේ මහතා විසින් සිදු කරනු ලැබීය.


    ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ, විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් රවීනාත් ආරියසිංහ මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya