අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොළොන්නරුව දිස්ත්‍රික්කයේ විහාරස්ථාන කිහිපයක සංවර්ධන කටයුතු ජනපති අතින් විවෘත කෙරේ

    ජූලි 29, 2019

    “පිබිදෙමු පොළොන්නරුව” දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ විහාරස්ථාන කිහිපයක සිදුකෙරුණු සංවර්ධන කටයුතු විවෘත කිරීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින්  (28) සිදු විය.

    පොළොන්නරුව පලුගස්දමන විද්‍යාසාර පිරිවෙනේ ඉදිකරන ලද අභිනව ධර්මශාලාව සහිත දෙමහල් සංඝාවාසය සඝ සතුකොට පුජා කිරිම අද පෙරවරුවේ පළමුව ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

    භික්ෂු අධ්‍යාපනය ඉහළ නැංවීමේ අරමුණින් රුපියල් ලක්ෂ 138ක් වැය කරමින් මෙම ධර්මශාලාව සහිත දෙමහල් ගොඩනැගිල්ල ඉදිකර තිබේ.

    විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත් අතර ඉන් අනතුරුව සමරු ඵලකය නිරාවණය කර අභිනව ධර්මශාලාව සහිත දෙමහල් සංඝාවාසය විවෘත කරනු ලැබීය.

    මෙම අවස්ථාව සනිටුහන් කරමින් පැළයක් රෝපණය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

    පලුගස්දමන විද්‍යාසාර පරිවෙනාධිපති පූජ්‍ය බෝලෑනේ සෝමානන්ද නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ පළාතේ මහා සංඝරත්නය ද උතුරුමැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක, වයඹ පළාත් ආණ්ඩුකාර පේෂල ජයරත්න, පොළොන්නරුව නගරාධිපති චානක සිදත් රණසිංහ, ප්‍රාදේශීය සභා මන්ත්‍රී අයි.ඒ. විමලසිරි, දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක අබේවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    මේ අතර පලුගස්දමන විද්‍යාසාර පිරිවෙනේ ඉදිකරන ලද දෙමහල් සංඝාවාස ගොඩනැඟිල්ල සඝ සතු කොට පූජා කිරීමේ පුණ්‍යෝත්සවය ද අද පැවැත්වුණේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙනි.

    පොළොන්නරුව ඉසිපතනාරාමාධිපති උතුරු, උතුරු මැද, නැගෙනහිර යන පළාත්හි ප්‍රධාන සංඝනායක පූජ්‍ය උඩගම ධම්මානන්ද නායක ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම පුණ්යෝත්සවයේ දී විහාරාධිපති පූජ්‍ය නිශ්ශංකමල්ලපුර ජිනානන්ද ස්වාමින් වහන්සේ විසින් ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වීය. 

    ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පුලස්තිගම ශාඛ්‍ය බිම්බාරාම විහාරස්ථානයේ ඉදිකෙරුණු නව දාන ශාලාව සඝ සතු කොට පූජා කිරිමේ පුණ්‍යෝත්සවයට ඉන් අනතුරුව ජනාධිපතිතුමා එක් විය.

    විහාරස්ථානය වෙත පැමිණි ජනාධිපතිතුමා වෙත විහාරාධිපති පූජ්‍ය යටිහලගල උපතිස්ස නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර ආශිර්වාද පළ කළහ.

    එමෙන්ම සේවාගම ගෞතම බෝධිරුක්ඛාරාමයේ ඉදිකරන ලද නව දාන ශාලා ගොඩනැගිල්ල ද සඝ සතු කොට පූජා කෙරුණේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙනි.

    උතුරුමැද පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක ශාස්ත්‍රවේදී පූජ්‍ය ගල්ලෑල්ලේ අරියවංශ නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද ආණ්ඩුකාර පේෂල ජයරත්න, තමන්කඩුව ප්‍රාදේශිය සභා මන්ත්‍රී ජයන්ත බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු සැදැහැවතුන් විශාල පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya