නොවැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශේෂ ප්‍රවෘත්ති නිවේදනය

    ජූලි 25, 2019

    විශේෂ ප්‍රවෘත්ති නිවේදනය

    මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මහා සංඝරත්නය විෂයයෙහි දක්වා ඇති අදහස් හා ඊට සම්බන්ධව ඔහුගේ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පළ කර ඇති වීඩියෝ පිළිබඳව විමර්ෂණය කරලීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් විදේශ අමාත්‍ය, ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතාගේ සභාපතිත්වයෙන් යුතු ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට තීරණය කර ඇත.


    මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් වන්නේ රාජ්‍ය පරිපාලන ආපදා කළමනාකරණ හා ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර සහ සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම යන මහත්වරුන්ය.
    රන්ජන් රාමනායක මහතා සිදුකළ ප්‍රකාශ හා එළිදක්වා ඇති වීඩියෝ පිළිබඳව විධිමත් විමර්ශනයක් සිදුකොට, ඒ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අගමැතිවරයා වෙත යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමේ වගකීම මෙම කමිටුව වෙත පැවරෙනු ඇත.

    මාධ්‍ය ඒකකය,
    අග්‍රාමාත්‍ය කාර්යාලය.

    2016 ජූලි 25

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya