අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සත්විරු අභිමන් 2019 ප්‍රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන් ....

    ජූලි 22, 2019

    තිස් වසරකට අධික කාලයක් පැවති කුරිරු ත්‍රස්තවාදය අවසන් කළ විරෝධාර රණවිරුවන් වෙනුවෙන් සුබසාධන ප්‍රතිලාභ ප්‍රදානය කිරීමේ සත්විරු අභිමන් 2019 ප්‍රදානෝත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (22) පස්වරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගණයේ දී පැවැත්විණි. 

     

    ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන් සහ රණවිරු දරුවන් 1504ක් වෙනුවෙන් මෙම ප්‍රතිලාභ ලබාදීම සිදු වු අතර, ඒ අනුව සම්පූර්ණ නිවාස 25ක්, අඩක් නිමවු නිවාස සම්පූර්ණ කරදීමේ ප්‍රතිලාභ 925ක්, විරු සිසු ප්‍රදීප ශිෂ්‍යාධාර 308ක් සහ පදිංචිය සඳහා ඉඩම් කොටස් 246ක් ලබාදීම ඇතු`ථ වැඩසටහන් ක්‍රියාත්මක විය.


    ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ද, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් ශාන්ත කොට්ටේගොඩ මහතා සහ ත්‍රිවිධ හමුදාපතිවරු, වැඩබලන පොලිස්පති, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඇතු`ථ ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    ( ඡායාරූප : සඳරුවන් අමරසිංහ - ජනාධිපති මාධ්‍ය අංශය )  

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya