අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනතාවගේ දුගී භාවය අවම කිරීම වෙනුවෙන් කි‍්‍රයාත්මක සියලු සංවර්ධන ව්‍යාපෘති අක‍්‍රමිකතාවයෙන් තොරව කාර්යක්ෂමව කි‍්‍රයාවට නැංවීම නිලධාරින්ගේ වගකීමයි

    ජූලි 21, 2019

    ජනතාවගේ දුගී භාවය අවම කිරීම වෙනුවෙන් කි‍්‍රයාත්මක සියලු සංවර්ධන ව්‍යාපෘති වංචාවෙන් සහ දූෂණයෙන් තොරව කාර්යක්ෂමව කි‍්‍රයාවට නංවමින් එහි පූර්ණ සහ කඩිනම් ප‍්‍රතිලාභ ජනතාවට ලබාදීමට කැපවීම සියලු නිලධාරින්ගේ වගකීම බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව සඳහන් කළේ වැව් ගම් පුබුදුව සංවර්ධන වැඩසටහන පිළිබඳ (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ය.

    දිස්ති‍්‍රක්ක 07ක ජනතාවගේ කෘෂි ආර්ථිකය පෝෂණය කරන වැවි ගම් පුබුදුව වැඩසටහන කඩිනම් කරමින් ඉදිරි මාස කිහිපය තුළ එහි ප‍්‍රතිලාභ ජනතාවට ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපතිතුමා මෙහිදී නිලධාරින්ට උපදෙස් දුන්නේය.

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් වූ වැව් ගම් පුබුදුව කි‍්‍රයාවට නැංවෙන්නේ හරිත දේශගුණික අරමුදලේ රුපියල් මිලියන 3682ක හා ශ‍්‍රී ලංකා රජයේ අරමුදල් රුපියල් මිලියන 1250ක වියදමිනි.

    2015 නොවැම්බර් මස ප‍්‍රංශයේ පැරිස් නුවර පැවති එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතියට එළැඹීමෙන් පසු එම ගිවිසුමේ මූලික අරමුණක් වූ දේශගුණික විපර්යාසවල අනිසි බලපෑම්වලට මුහුණ දීම සඳහා මුල්‍ය පහසුකම් සැලසීම යටතේ ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් කරන ලද ඉල්ලීමක ප‍්‍රතිඵලයක් ලෙස මේ සඳහා මුදල් හරිත දේශගුණික අරමුදල යටතේ ශ‍්‍රී ලංකාවට ලැබිණි.

    මේ ව්‍යාපෘතිය පොළොන්නරුව, කුරුණෑගල, අනුරාධපුර, වව්නියාව, පුත්තලම, ති‍්‍රකුණාමලය හා මන්නාරම යන දිස්ති‍්‍රක්ක 7ක මල්වතුඔය, මී ඔය හා යාන් ඔය යන ගංගා ද්‍රෝණි 03 ආශ‍්‍රීතව කි‍්‍රයාවට නැංවේ.

    එල්ලංගා පද්ධති 16ක ග‍්‍රාමීය වැව් 325ක් හා පරිසර පද්ධති 75ක් ප‍්‍රතිස්ථාපනය කෙරෙන අතර දේශගුණික සුහුරු කෘෂිකර්මාන්තය යටතේ ග‍්‍රාමීය වැව් 325ක් ආශි‍්‍රතව හෙක්ටයාර් 9750ක වී ගොවිතැන වැඩි දියුණු කිරීම, සුළු පරිමාණ ගොවීන් 520,000කට කෘෂි කාලගුණික උපදෙස් ලබාදීම හා ගොවි කාන්තාවන් 16,677ක් දේශගුණික සුහුරු කෘෂිකර්මාන්තයට යොමු කිරීමට සැලසුම් කර ඇත.

    එම වැව් ආශි‍්‍රත ගම්මානවල ජනතාවට පිරිසිදු පානීය ජලය සපයා දීමේ ව්‍යාපෘතියක් ද මේ හා සමගාමිව කි‍්‍රයාත්මක කෙරෙන අතර ඒ වෙනුවෙන් හරිත දේශගුණික අරමුදල රුපියල් මිලියන 1732ක් ආයෝජනය කර ඇති අතර, ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යෑම වෙනුවෙන් ශ‍්‍රී ලංකා රජය ආයෝජනය කර ඇති මුදල රුපියල් මිලියන 1069කි.

    නව ග‍්‍රාමීය ප‍්‍රජා ජල සම්පාදනය යෝජනා ක‍්‍රම 35ක් ස්ථාපනය, වැසි ජල රැස් කිරීමේ පද්ධති 4000ක් ස්ථාපනය, නව ජල පවිත‍්‍රකරණ පද්ධති ස්ථාපිත කිරීම සහ පාසල් හා ග‍්‍රාමීය රෝහල් සඳහා නව පවිත‍්‍රාගාර ඉදිකිරීම ඒ යටතේ සිදු වෙයි.

    ව්‍යාපෘතිය මගින් අදාළ කලාපවල වෙසෙන නිරන්තරයෙන් ගංවතුර, නියඟය වැනි ස්වභාවික විපත්වලට ගොදුරුවන අඩු ආදායම්ලාභී පහළොස් ලක්ෂයක් පමණ වන ගොවි පවුල්වල ජීවනෝපාය සංවර්ධනය සඳහා අතදීම ද සිදු කෙරේ. ස්වයංකි‍්‍රය කාලගුණික සහ ජල මාපක පද්ධති ස්ථාපනය, කාලගුණික විද්‍යා දෙපාර්තමේන්තුවේ ධාරිතාව ඉහළ නැංවීම, ජල කළමනාකරණ සහ කෘෂිකාර්මික උපදේශන සකස් කිරීම සහ ලබාදීම, ගං වතුර ආපදාවට ලක්වන ප‍්‍රදේශවල ආපදා පෙර සූදානම් සැලසුම් සකස් කිරීම හා කි‍්‍රයාත්මක කිරීම ඒ යටතේ සිදු වෙයි.

    මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, ව්‍යාපෘති අධ්‍යක්ෂ ජනක රත්නායක යන මහත්වරුන් ඇතුළු නිලධාරින් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya