අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිපුණතාවයෙන් ලොව ජය ගැනීමට තරුණ තරුණියන්ට අවශ්‍ය සෑම පහසුකමක්ම ලබා දෙන බව ජනපති පවසයි Featured

    ජූලි 18, 2019

    තවමත් ලෝකයේ කිසිදු රටකට දෙවැනි නොවූ මෙරට පුරාණ තාක්ෂණික ශිල්පීය ක්‍රම සහ දැනුම ආරක්ෂා කර ගනිමින් හෙට දවසේ ද නිපුණතාවයෙන් සහ දක්ෂතාවයෙන් ලෝකය ජය ගැනීමට තරුණ පරපුර කැපවිය යුතු බව ජනාධිපතිතුමා පවසයි.

    ඒ සඳහා අවශ්‍ය සෑම පහසුකමක් ම ඔවුන්ට ලබා දෙන බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ, (17) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ලෝක තරුණ නිපුණතා දින සැමරුම් උත්සවය අමතමිනි.

    මෙහි දී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ ශ්‍රී ලාංකික ජාතිය සතු වූ විශිෂ්ට කුසලතාවයන් ඔප් නංවමින්, ජාතියේ අනාගතය වෙනුවෙන් තරගකාරි ලෝකය ජය ගැනීමට පුළුල් සමාජ කතිකාවක් සමඟ සියලුදෙනාගේ කැපවීම අත්‍යාවශ්‍ය බවයි.

    ශ්‍රී ලංකා රජයේ යෝජනාවක් අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කරන ලද තරුණ නිපුණතා දිනය එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් සියලුම රටවල් ජූලි 15 වන දින සමරනු ලබයි.

    “නිපුණතාව මඟින් සාර්ථක ජීවිතයක්” යන තේමාව යටතේ මෙවර ශ්‍රී ලංකාවේ එය සැමරෙන අතර ඒ හා සමගාමීව තරුණ තරුණියන්ගේ වෘත්තීය සහ නිපුණතා සංවර්ධනය වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසක් දීප ව්‍යාප්ත ව සංවිධානය කර තිබිණි.
    වැඩබලන අමාත්‍ය බුද්ධික පතිරණ, රාජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන යන මහත්වරුන් ද නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යංශයේ ලේකම් රංජිත් අශෝක මහතා ඇතුළු නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya