මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මානව හිමිකම් සුරැකීමට පොදු මොඩලයක් නෑ

    ජූලි 31, 2014
    මානව හිමිකම් සුරැකීමට පොදු මොඩලයක් නෑ. මානව හිමිකම් සුරැකීම රටින් රටට විවිධ ආකාරයට සිදුවෙන බව සමාජ සේවා අමාත්‍ය ෆීලික්ස් පෙරේරා මහතා පැවසීය.
     
    අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා රත්තොටදී හා ලග්ගලදී පැවති රට රකිමු නිල් පවුර -සුරකිමු මව් බිම රැස්වීමට සහභාගී වෙමිනි.
     
     
    අමාත්‍යවරයා රැස්වීම අමතමින්; “රටක කාලගුණය දේශගුණය, ඉතිහාසයේ සිරිත් විරිත්, ආර්ථික තත්ත්වය සංස්කෘතිය හැම දෙයක්ම අනුව තමයි ඒ රටේ මානව හිමිකම් සුරකීමේ මොඩලය තීරණය වන්නේ. ඇමරිකාවේ විදියට ජපානයේ නෑ. ජපානයේ විදියට ලංකාවේ නෑ. ලංකාවේ විදියට සිංගප්පූරුවේ නෑ. නමුත් හැම රටක් ම තමන් ම සොයාගත් මොඩලයකින් මානව හිමිකම් රකිනවා. නමුත් අපේ රජය මානව හිමිකම් සුරකීමේ විධිමත් ආයතනයක් ලංකාවේ ස්ථාපිත කළා. ශ්‍රී ලාංකීය ජනතාවගේ හිත සුව පිණිස එය ක්‍රියාත්මක වුණා. දැනටත් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. 
     
     
    රටේ සාමය රකින පොලිසිය අද මානව හිමිකම්වලට ඉහළ පිළිගැනීමක් පොලිසිය තුළ ම ක්‍රියාත්මක කරනවා. මෙය විශාල ජනතා ජයග්‍රහණයක්, එක්සත් ජාතික පක්ෂය මානව හිමිකම් ගැන කථා කළත් ඔවුනගේ වසර 17ක පාලනය කාලය තුළ ශ්‍රී ලාංකීය ජනතාවට හිමිවීම් කෙසේ වෙතත් අහිමිවීම් පොදි ගසමින් රට අඳුරු අගාධයකට ඇදගෙන ගිහින් තිබුණා.”
     
     තවදුරටත් අදහස් දැක්වූ සමාජ සේවා අමාත්‍යවරයා පවසන ලද්දේ, “ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා 2005 දී ඔබ අතට පත්කළ මහින්ද චින්තනය ප්‍රකාශය මතකද? එය ප්‍රකාශනයක් විතරක්ම නොවන බව අද සනාථ කර තියෙනවා. එය අද යථාර්ථයක් බවට පත්වෙලා. ත්‍රස්තවාදයට භීෂණයට සදාකාලිකව ම තිත තබමින් පොදු ශ්‍රී ලාංකීය ජනතාවගේ අභිවෘද්ධිය උදෙසාම කැප කිරීම දිගින් දිගටම කරනවා. ඒ කැපවීම අද මල්ඵල දරමින් පවතිනවා. 
     
    අධිවේගී මාර්ග, ගුවන් තොටුපොළවල්, ගමේ නගරේ කාපට් පාරවල්, ජල විදුලි පහසුකම්, සෞඛ්‍ය  පහසුකම්, අධ්‍යාපනය පහසුකම්, නව තාක්ෂණික මෙවලම්, දියුණු වන ලෝකය සමඟ තරග කරන්නට අන්තර්ජාල පහසුකම්, ගොවියා ශක්තිමත් කිරීමට පොහොර සාහනාධාර, ළමා තරුණ තරුණියන්  වැඩිහිටියන් ගේ පොදු අවශ්‍යතාවයන් හඳුනාගෙන ඒ සඳහා පිළියම් යොදා තිබෙනවා. ඉස්සර කතාවට කියන්නේ දුර බලලා කටයුතු කරන්න කියලායි. නමුත් දුර බල බලා හිටියොත් ආර්ථිකය දියුණුකළ නොහැකි බව අපේ ජනාධිපතිතුමා තීරණය කළා. එතුමා විස්ථාපනය බැලුවා. විස්ථාපනය කියන්නේ ස්ථාන දෙකක් අතර ඇති කෙටිම දුරටයි. අධිවේගී මාර්ග නිසා දුර සංකල්පය අහෝසිවෙලා ගියා. අද තියෙන්නේ විස්ථාපනය බලලා වැඩ කරන ආර්ථිකයක්, ලංකාවේ ආර්ථික වර්ධන වේගය 8% යි. අපේ ආර්ථික වර්ධන වේගයට 35%ක ආයෝජන වර්ධන වේගයක් අවශ්‍යයි. 
     
    ආයෝජනය කියන එක අඛණ්ඩ ක්‍රියාවලියක් නිසා  පුරෝකථනය කළ හැක්කක් නොවේ. ඒ නිසා පෞද්ගලික ආයෝජන ඇද ගත හැකි එකම මාර්ගය සංවර්ධනය ලෝකයට පෙන්වීමයි. යුද්ධයේ ආරම්භයෙන් පස්සේ ආයෝජනය සඳහා සුදුසු පරිසරය නිර්මාණ කරන්න කිසිම රාජ්‍ය නායකයකුට බැරි වුණා. නමුත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිදුන් අපට අවශ්‍ය කරන මුලික ආයෝජනය වන සාමය ප්‍රතිස්ථාපනය කළා. අද අපේ රටේ සංවර්ධනයට ආයෝජකයින් විශාල ප්‍රමාණයක් හවුල් කර ගන්න හැකි වෙලා. ඔවුන් නිමකරන ලද මහා පරිමාණයේ ව්‍යාපෘති අද අපි භූක්ති විඳිනවා. ඒ වගේම ව්‍යාපෘතියක් විවෘත කරන දවසේ සිටම ජනතාවට භුක්ති විඳීමට ලැබීම තමයි ජනතා ජයග්‍රහණය.”
     
    ECB

    social2

    social3
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya