මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඌව ශ්‍රීලනිප අපේක්ෂකයින් තේරීමේ අවසන් තීන්දුව

    ජූලි 29, 2014
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඌව පළාත් සභා මැතිවරණය සඳහා ඉදිරිපත් කිරීමට කිරීමට නියමිත ඡන්ද අපේක්ෂකයින් සම්බන්ධයෙන් අවසන් තීන්දුව සම්මුඛ පරීක්ෂණවලින් අනතුරුව එම තොරතුරු පක්ෂ ලේකම්තුමාටත්, මධ්‍යම කාරක සභාවටත් සහ ජනාධිපතිතුමාටත් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ගැනීමට නියමිත බව නාමයෝජනා කමිටුවේ සභාපති, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය  ඩබ්.ඩී.ජේ. සෙනවිරත්න මහතා පැවසීය.
     
    හිටපු ඌව පළාත් සභා මන්ත්‍රීවරුන් සියලු දෙනාම දැනට ඌව පළාත් සභා   මැතිවරණය සඳහා දැනට අනුමත කර ඇති බවත් සෙනවිරත්න මහතා පැවසීය.
     
    පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරුන් පසුගිය කාලයේ දී පළාත් සභාව තුළ කටයුතු කළ ආකාරය පිළිබඳ ව මෙන්ම කොයි තරම් වගකීමකින් කටයුතු කොට තිබෙනවා ද යන්න පිළිබඳවත් මෙහිදී සැලකිල්ලට භාජනය කරන බවත් පැවසු නාමයෝජනා කමිටු සභාපතිවරයා ඉන් අනතුරුව මේ සම්බන්ධයෙන් වන වාර්තාව භාරදීමට කටයුතු කරන බවත් පැවසීය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya