මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ‍්‍රී දළදා මාලිගාවේ විදුලි සංදේශන සහකරු ශ‍්‍රී ලංකා ටෙලිකොම්

    ජූලි 27, 2014

    ජාතික තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ සේවා සම්පාදකයා වන ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමාගම මෑතකදී ශ‍්‍රී දළදා මාලිගාවෙහි එකම විදුලි සංදේශන සහකරු බවට පත් වීමේ අරමුණින් ශ‍්‍රී දළදා මාලිගාව සමඟ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබන ලදී.

    මෙම අවබෝධතා ගිවිසුමට ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමාගම වෙනුවෙන් එහි ප‍්‍රධාන කලාප නිලධාරී චින්තක විජේසූරිය සහ ශ‍්‍රී දළදා මාලිගාව වෙනුවෙන් එහි මාධ්‍ය හා විශේෂ ව්‍යාපෘති අධ්‍යක්‍ෂක ක‍්‍රිශාන්ත හංවැල්ල යන මහත්වරු ශ‍්‍රී දළදා මාලිගාවේදී අත්සන් තැබූහ.

    ශ‍්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ තනතුර හොබ වන ප‍්‍රදීප් නිලංග දෑල මහතාගේ ඉල්ලීම පරිදි ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ සමූහ ප‍්‍රධාන විධායක නිලධාරී ලලිත් ද සිල්වා මහතාගේ අනුග‍්‍රහය යටතේ මෙම ගිවිසුම අත්සන් කෙරිණි. මෙම ව්‍යාපෘතියේ තොරතුරු තාක්‍ෂණ උපදේශක මෙන් ම ශ‍්‍රී ලංකා ටෙලිකොම් ප‍්‍රධාන නවෝත්පාදන නිලධාරී තිලක් ද සිල්වා සහ ශ‍්‍රී ලංකා ටෙලිකොම් සාමාන්‍යාධිකාරී - කලාප අංක 01 සිසිර පියරත්න යන මහත්වරුද මෙම උත්සවයට සහභාගී වූහ.

    මෙම ගිවිසුම යටතේ ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමාගම විසින් ශ‍්‍රී දළදා මාලිගා පරිශ‍්‍රය වෙත නොනවතින අධිවේගී අන්තර්ජාල සේවාවන් මෙන්ම පියෝ ටීවී සේවාව (PeoTV - IPTV) සබඳතාවන්ද සපයනු ලැබේ. ගිවිසුමට අදාළ කාලසීමාව තුළදී මෙම සේවාවන් කිසිදු ගාස්තු අයකිරීමකින් තොර ව සම්පාදනය කෙරෙන අතර, වාර්ෂික මහනුවර ඇසළ පෙරහැර අන්තර්ජාලය හරහා විකාශය කිරීම, සංස්කෘතික හා ආගමික වටිනා කමකින් යුත් වාර්තා වැඩසටහන්, ඡායාරූප, ආගමික උත්සව ආදිය පහසුවෙන් හා ඉක්මනින් අන්තර්ජාලය වෙත මුදා හැරීම වැනි සංස්කෘතික හා ආගමික කටයුතු මහජනයා සමඟ හුවමාරු කර ගැනීම සහ ප‍්‍රචාරය කිරීම සඳහා ශ‍්‍රී දළදා මාලිගාවේ මාධ්‍ය මධ්‍යස්ථානය වෙත පහසුකම් සැලසෙනු ඇත. 

    ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමාගම ස්ථිර වශයෙන්ම සෑම වසරකදීම පැවැත්වෙන මහනුවර වාර්ෂික ඇසළ පෙරහැර වෙනුවෙන් ශ‍්‍රී දළදා මාලිගාව වෙත සහය පළ කිරීමට ඉදිරිපත්ව සිටිනවා පමණක් නො ව ශ‍්‍රී දළදා මාලිගාව වෙත අධිවේගී දත්ත සේවා, හඬ හා ෆැක්ස් සබඳතා, අධිවේගී බ්‍රෝඩ් බෑන්ඩ් සේවාවන් සහ පියෝ ටී.වී. පහසුකම ආදියෙන් සමන්විත තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ සේවාවන් සම්පාදනය කර තිබේ.

    ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමාගම මෙරට සංස්කෘතීන් හා සම්ප‍්‍රදායයන් වෙත නිසි ප‍්‍රමුඛත්වය ලබා දෙමින් කටයුතු කරන ජාතික තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ සම්පාදකයා වීම පිළිබඳ මහත් අභිමානයකින් පසු වෙයි. එපමණක්ද නොව ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමාගම, ඉතා සාර්ථක හා විශ්වසනීය තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ වේදිකාවක් මත පිහිටා රටේ සංස්කෘතික හා කලා කටයුතු හැකි සෑම ආකාරයකින්ම වර්ධනය කිරීම හා ඒවාට සහය දැක්වීමේ අරමුණින් විවිධ සංවිධාන හා ආයතන සක‍්‍රීය ලෙස ජවගැන්වීම සම්බන්ධයෙන්ද ප‍්‍රබල පිළිවෙතක පිහිටයි.

    මේ වනාහි ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමාගම ශ‍්‍රී දළදා මාලිගාව වෙනුවෙන් භාරගත් තොරතුරු තාක්‍ෂණ හා සන්නිවේදන ව්‍යාපෘතියෙහි පළමු අදියර පමණි.

     අනාගතයේදී සමාගම විසින් වැඩිමනත් තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ සේවාවන් ශ‍්‍රී දළදා මාලිගාව වෙත ලබා දෙනු ඇත. මහනුවර ශ‍්‍රී ලංකා ටෙලිකොම් කලාප කාර්යාලයෙහි සේවක මණ්ඩලයේ සක‍්‍රීය දායකත්වය මෙම ව්‍යාපාතිය වෙත හිමි විය.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya