අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රීලංකන් එයාර් ලයින්ස් සහ මිහින් ලංකා අක්‍රමිකතා සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමේ නිල කාලය දීර්ඝ කෙරේ Featured

    දෙසැම්බර් 19, 2018

    ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් සමාගම, සී/ස ශ්‍රී ලංකා කේටරිං සමාගම සහ සී/ස මිහින් ලංකා පුද්ගලික සමාගම සම්බන්ධයෙන් සිදු වූ බව පැවසෙන අක්‍රමිකතා පිළිබද සොයා බැලීමට ජනාධිපති ගරු  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පත් කළ ජනාධිපති කොමිසමේ නිල කාලය 2019 පෙබරවාරි 15 වනදා දක්වා දීර්ඝ කර තිබේ. 

    2006  ජනවාරි මස 01 වැනි දින සිට 2018 ජනවාරි මස 31 වැනි දින දක්වා වු කාලපරිච්ඡේදය තුළ දී අදාළ සමාගම්වල සිදුවූ බව පැවසෙන අක්‍රමිකතා පිළිබද සොයා බැලීමට ජනාධිපතිතුමා විසින් 2018 පෙබරවාරි 14 වනදා මෙම කොමිසම පත් කරන ලද අතර, එහි නිල කාලය මෙම දෙසැම්බර් 31 වනදායින් අවසන්වීමට නියමිතව තිබිණි.

     අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී කොමිසමේ සාමාජිකයන් හමු වූ ජනාධිපතිතුමා එම පරික්ෂණ කටයුතුවල ප්‍රගතිය පිළිබදව විමසා බැලීය. 

     කොමිසමේ සභාපති විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතා ඇතුථ කොමිසමේ සාමාජිකයෝ මීට එක්ව සිටියහ.

     ( ඡායාරූප : උදේශ් ගුණරත්න - ජනාධිපති මාධ්‍ය අංශය )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya