මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇමති විමල්ගෙන් විපක්ෂයට ආරාධනාවක් Featured

    ජූලි 24, 2014
    එදා රාජ්‍ය ආයතනයන් කුණු කොල්ලයට විකුණා දැමීමට කටයුතු කළ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් අද රාජ්‍ය ආයතනවල අඩු පාඩු සොයා බැලීමේ අධ්‍යාපන චාරිකාවල නිරත වන බවත් එම අධ්‍යාපන චාරිකා මඟින් අස්ථාවරත්වයේ සිට ස්ථාවරත්වය කරා පැමිණවිත් තිබෙන ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු  සංස්ථාව වැනි රාජ්‍ය ආයතනවල ප්‍රගතිය සොයා බැලීමට පැමිණෙන ලෙස තමා එම මන්ත්‍රීවරුන්ට විවෘතව ආරාධනාකර සිටින බව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
     
    අස්ථාවරත්වයෙන් පැවති මව්බිම ස්ථාවරත්වයට රැගෙන ආ වත්මන් රජය අස්ථාවරව තිබූ රාජ්‍ය ආයතනයන් ස්ථාවරත්වය කරා රැගෙන එමින් එම රාජ්‍ය ආයතනවල සේවක මහත්ම මහත්මීන්ගේ රැකියාවේ සුරක්ෂිතභාවය තහවුරු කිරීමට කටයුතු කළ බවද විමල් වීරවංශ අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
     
    අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ පැවැති උත්සවයකට සහභාගි වෙමිනි. 
     
    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ අමාත්‍යවරයා “ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට එනකොට මේ රාජ්‍ය ආයතන තිබුණේ අවිනිශ්චිත තත්ත්වයකට පත්වෙලා. ඇතැම් ඉදිකිරීම් ආයතනවලට රජයේ වැඩ ලැබුණෙත් නැහැ. තරගකාරී ටෙන්ඩර් ක්‍රමයටම ඒ වැඩ ටික පෞද්ගලික ආයතනවලට ලැබුණා. එමඟින් සිදුවුණේ එකී අවස්ථාවන් රාජ්‍ය ආයතනවලට නොලැබී යාමයි. ඒ නිසා එම රාජ්‍ය ආයතන පවත්වාගෙන යෑමේ ගැටලු මතුවුණා. වැටුප් ගෙවීමේ දුෂ්කරතාවන් ඇති වුණා. ඒ නිසා සේවක දරු පවුල් නොසන්සුන් වෙන්න පටන් ගත්තා මේ ආකාරයෙන් නොයෙකුත් ගැටලු මතුවීම තුළ රාජ්‍ය ආයතනයන් අස්ථාවරත්වය කරා ගමන් කරා. එදා තිබුණු ඒ අවිනිශ්චිත තත්ත්වයෙන් රාජ්‍ය ආයතනයන් මුදාගෙන ස්ථාවරත්වය කරා රැගෙන ඒමට වත්මන් රජය අද වෙන කොට සමත්වෙලා තිබෙනවා.
     
    අද විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන් ඉමහත් උනන්දුවකින් යුක්තව රාජ්‍ය ආයතනයන් පරීක්ෂා කරන්න අධ්‍යාපන චාරිකා යනවා. මම එම මන්ත්‍රීවරුන්ට ආරාධනා කරනවා. ඒ අය යන එම අධ්‍යාපන චාරිකා මාලාවට රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ නමත් ඇතුළත් කර ගන්න කියලා. මං හිතනවා විපක්ෂයේ මන්ත්‍රීවරුන් එනකොට ඉංජිනේරු සංස්ථාවේ සේවක මහත්ම මහත්මීන් ගේට්ටුව වහලා. එතුමන්ලාගේ ගමනට අවහිර නොකරයි කියලා. කුහක කමින්, වක්‍ර ඇසින් බලන්නේ නැතිනම් අවිනිශ්චිතව තිබුණු මේ ආයතනයන් ප්‍රගතිය ලබන ආයතනයක් බවට පත්වුණේ කොහොමද කියලා හොයලා බලන එකත් ඒ අයට හොඳ අධ්‍යාපනික මාතෘකාවක් වෙයි කියලා මං විශ්වාස කරනවා. ඒ වගේම තමයි පසුගිය කාලයේ බිඳ වැටී තිබුණු මඟ නැගුම 
    වැනි රාජ්‍ය ආයතනයන් විශාල ප්‍රමාණයක් ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ නැවත ස්ථාවරත්වයට පැමිණ තිබෙන බව ඔබතුමන්ලාට පේනවා. ඒ ආයතන අද සක්‍රීයව මේ රටේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිරත වෙනවා.
     
    මෙම ආයතනය බාර ගන්නා අවස්ථාවේ දී රුපියල් මිලියන 5000ක පමණ වාර්ෂික පිරිවැටුමක් ලබපු මේ ආයතනය අද රුපියල් මිලියන දසදහසක පමණ වාර්ෂික පිරිවැටුමක් ලබන ශක්තිමත් රාජ්‍ය ආයතනයක් බවට පරිවර්තනය කිරීමට හැකිව තිබෙන බවත්  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැනි අපේ ගෞරවනීය ණයකරුවන්  අපට ගෙවිය යුතු මුදල් ගෙවීම පැහැර හරින විට එකී අභියෝගයන්ට ද සාර්ථකව මුහුණ දෙමින්, සේවක මහත්ම මහත්මීන්ගේ වැටුප්  විධිමත්ව ගෙවමින්, ඔවුන්ව නඩත්තු කරමින්, ඔවුන්ගේ වැටුපට අමතරව දීමනාවන් ද ලබාදෙමින් මෙවැනි වාර්ෂික පිරිවැටුමක් ලබාගැනීමට සමත්වීම ලබාගත් විශාල ජයග්‍රහණයක් බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya