මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දියුණු රටවල සමාජ සංහිඳියාවේ දායකත්වය

    ජූලි 24, 2014


    මිනිසා තමාගේ ඉතිහාසය නිර්මාණය කරයි. තමා තෝරාගත් කොන්දේසියට නො ව අතීතය මගින් දායාද කළ කොන්දේසි මත එය සිදුවන බව ජර්මානු ජාතික කාල්මාක්ස් වරෙක ප්‍රකාශ කර ඇති බව ජනාධිපති ජාත්‍යන්තර මාධ්‍ය ප්‍රකාශක මොහාන් සමරනායක මහතා පැවසීය.

    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ සමාජ සංහිඳියාව හා ජනමාධ්‍ය භාවිතය මැයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (23) පැවති එක් දින වැඩමුළුවේ දේශනයකට එක්වෙමිනි. එහිදී ඒ මහතා සමාජ සංහිඳියාව හා දියුණු රටවල් යන මැයෙන් විශේෂ දේශනයක් සිදු කරන ලදී.

    දියුණු රටවල් ලෙස හඳුන්වා දෙන බටහිර රටවල් බටහිර යුරෝපීය රටවල්, ඇමරිකාව, ජපානය හා ඕස්ට්‍රේලියාව යනාදී රටවල් දියුණු රටවල් ලෙස හැඳින්වීමේ මතවාදයක් තිබෙන බව ඒ මහතා මෙහිදී පෙන්වා දුන් අතර, එම රටවල් සංවර්ධිත තත්ත්වය පත්ව සිටින්නේ මිසයිල වැනි සමාජ ප්‍රචණ්ඩත්වයක් ඇති කරවන යම් යම් ක්‍රියා ඔස්සේ බව සඳහන් කළේය.

    1990දී  ඉරාකයේ සදාම් හුසේම් තෙල් අරගලයක් හේතුවෙන් කුවේටය ආක්‍රමණය කළා.  එහිදී ඇමරිකාව රටවල් 28ක හමුදා කණ්ඩායම් යොදා ඉරාකයට ප්‍රහාර එල්ල කළා. ඉරාකයට සම්බාධක පැනවීමක් ද සිදු කළා. එම හේතුවෙන් ඉරාකයේ මිලියන භාගයකට අධික ජනගහණයක් මිය ගියා.

    රටක ජන සමාජයක් නිර්මාණය කරන පංති, ජන කණ්ඩායම්, ජන කොට්ඨාස, ආයතන, පක්ෂ යනාදිය අතර සමගිය, සංහිඳියාව වැනි දේවල් තිරස් හා සිරස් අතට ගමන් කරනු ලබනවා. සමාජ සංවර්ධනයට ගැටුම්ද යම් තරමකට අවශ්‍ය වන අතර, මෙහිදී අවිආයුධ සමඟ කෙරෙන ගැටුම් ම පිළිඹිබු නොවන බව පෙන්වා දුන් ඒ මහතා සංහිඳියාවක් තුළ ගැටුම් නැති බවක් ද ඉන් අදහස් නොවන බව පැවසීය.

    බටහිර රටවල් තම මිලිටරි බලය පාවිච්චි කරනු ලබන්නේ තම රටවලට අවශ්‍ය වරප්‍රසාද ලබා ගැනීමට බව පෙන්වා දුන් ඔහු තවදුරටත් පැවසුවේ බලවත් රටවල් එක් වී ආර්ථික සමුළුව පවත්වනු ලබන්නේ ඔවුන්ගේ ඉදිරි වර්ෂවල ආර්ථික සැලසුම් කෙසේ සිදු කරන්නේද යන්න පිළිබඳව සාකච්ඡා කිරීම වෙනුවෙන් බවයි.

    මේ රට අතීතයේ සිට ම ආයතන ගත වාර්ගික අර්බුදයක් නොතිබුණු බව අවධාරණය කළ සමරනායක මහතා තවදුරටත් පැවසුවේ, මේ රට තුළ වාර්ගික අර්බුද ඇති කරමින් සමාජ සංහිඳියාවක් නැති කිරීමට කටයුතු කරන්නන් ගැන අප සියලු ම දෙනා අවබෝධ කර ගත යුතු අතර, සංහිඳියාව පිළිබඳ කතා කිරීමට දේශ සීමාවලින් ඔබ්බට නොයා යුතු බව පෙන්වා දුන්නේය.

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya