මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුත්තලම සිට ගාල්ල දක්වා මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි

    ජූලි 24, 2014

    (sinhala.news.lk) අද (24) පුත්තලම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද උදෑසන 05.30ට මුහුදු ප්‍රදේශ සඳහා නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව සුළං නිරිත දෙසින් හමන අතර සුළං වේගය පැ.කි.මී. 20-40ක් පමණ වේ. සුළං වේගය විටෙක පැ.කි.මී. 50 පමණ දක්වා ඉහළ යා හැක.


    හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන දිවයිනට ගිනිකොන දෙසින් වන මුහුදු ප්‍රදේශවල සහ පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටෙක පැ. කි. මී. 60 පමණ දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වන අතර දිවයින වටා වන අනෙක් මුහුදු ප්‍රදේශ ද විටින් විට තරමක් රළු වීමට ඉඩ ඇත.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya