මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයින වටා ඇති අඩු පීඩන තත්වය තවදුරටත් Featured

    නොවැම්බර් 05, 2018

    දකුණු දිග මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අද( 05) රාත්‍රිය වන විට අඩු පීඩන තත්ත්වයක් වර්ධනය විය හැකි බව කාළගුණ විද්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ.

    මෙම තත්ත්වය හේතුවෙන් නැගෙනහිර, උතුරු-මැද, උතුරු, ඌව සහ දකුණු පලාත්වල වැසි තත්වයේ වැඩිවීමක් අද(05) රාත්‍රියේ සිට ඇතිවිය හැකි අතර දිවයින පුරා අහස වලාකුලින් බරව පවතිනු ඇත.

    මෙම අඩු පීඩන තත්වය හෙට(06) සහ අනිද්දා(07) දිනවලදී බස්නාහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය සහ දිවයින හරහා මන්නාරම් බොක්ක මුහුදු ප්‍රදේශය දක්වා ගමන් කිරීමේ හැකියාවක් පවතී. ඌව, දකුණු සහ මධ්‍යම පළාත්වලත් මඩකලපුව, අම්පාර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් සමහර ස්ථාන වලට මි. මී. 100-150 පමණ තද වැසි ඇති විය හැක.

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිලිබඳ අවධානය යොමු කරන ලෙස මහජනතාවගෙන් සහ ධීවර සහ නාවුක ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාළගුණ විද්‍ය දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya