අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පරිභෝජනය නුසුදුසු රටඉඳි කිලෝ 25000ක් අත්අඩංගුවට

    ජූලි 11, 2014

    වෙළෙඳපොළට යැවීමට සූදානම් කර තිබූ පරිභෝජනයට නුසුදුසු නරක් වූ රටඉඳි කිලෝ 25000කට අධික ප්‍රමාණයක් ඔරුගොඩවත්ත ප්‍රදේශයෙන් සොයාගැනීමට පාරිභෝගික අධිකාරිය සමත් වී ඇත.


    රටඉඳි තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 40ක් පමණ වෙයි.විදෙස් රටවල සිට මෙරටට රටඉඳි ආනයනය කරන ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු විසින් එම රටඉඳි තොග ගෙන්වනු ලැබ ඇති අතර, මොහු ඒවා එරටින් නැව්ගත කරත්ම නරක් වූ ඉඳි ලෙස තිබී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පාරිභෝගික අධිකාරිය පවසයි. ‍එම ගබඩාවටද සීල් තබා ඇත.

    මේවා කොටුව, පිටකොටුව මෙන්ම  දිවයිනේ සෙසු ප්‍රදේශවලටද තොග වශයෙන් යැවෙන බව පාරිභෝගික අධිකාරිය අනාවරණය කර ගෙන ඇත.
    උත්සව සමයන්හිදී පරි‍භෝජනයට නුසුදුසු බොහෝ ආහාර වර්ග කූට ජාවාරම්කරුවන් විසින් වෙළෙඳපළට සැපයීම හේතුවෙන් නිරතුරුව ම වැටලීම් කර ඔවුන් අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා ලෙස සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නිලධාරීන්ට උපදෙස් දී ඇත.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya