මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අද සිට පාසල් ඩෙංගු මදුරු මර්දන පවිත්‍රතා වැඩසටනක් Featured

    සැප්තැම්බර් 03, 2017

    ඩෙංගු මදුරුවන් ගෙන් තොර පාසල් පරිශ්‍රයක් පවත්වා ගෙන යාම සඳහා තෙවන පාසල් වාරය ආරම්භ කිරීමට ප්‍රථම දීප ව්‍යාප්ත පාසල් පරිශ්‍රයන් පිරිසිදු කිරීමට පියවර ගන්නැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සියලුම නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

    ඒ අනුව අද (03)හෙට (04) සහ අනිද්දා (05) තෙදින පුරා ඩෙංගු මර්දන ශ්‍රමදාන වැඩසටහනක් දිවයිනේ සෑම පාසලකම ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.


    ලබන 6 වැනි දා තෙවන පාසල් වාරය ආරම්භ වීමට ප්‍රථම ඩෙංගු මදුරු කීටයන් හා මදුරුවන්ගෙන් තොර පාසල් පරිශ්‍රයක් ගොඩනඟා ගැනීම සඳහා  පාසල් සිසුන්ගේ, දෙමාපියන්ගේ සහභාගිත්වයෙන් හා ආදි ශිෂ්‍ය සංගම්ව, නියෝජිතයන්, පාසල් සංවර්ධන සමිති සාමාජිකයින්ගේ සහයෝගය ලබා ගනිමින්  පාසල්  පරිශ්‍රයන් පිරිසිදු කිරීමට පියවර ගන්නා ලෙස විදුහල්පතිවරුන්ට දන්වා ඇත.

    අධ්‍යාපන අමාත්‍යවරයාගේ ඉල්ලීම මත මෙම දීප ව්‍යාප්ත වැඩසටහන ත්‍රිවිධ හමුදාව,පොලිසිය හා සිවිල් ආරක්ෂක බලකායේ දායකත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය හා ජනාධිපති කාර්ය සාධන බලකායේ සම්බන්ධීකරණයෙන් සිදු කිරීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya