අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දියානු කලාපීය රාජ්‍යයන්ගේ සහයෝගීතාවය ජනපති අවධාරණය කරයි Featured

    සැප්තැම්බර් 02, 2017

    ඉන්දියානු සාගර කලාපයේ රටවල ප‍්‍රධාන ආර්ථික සම්පතක්  වන සමුද්‍රයේ ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා ප‍්‍රමුඛ අවධානයකින් කටයුතු කිරීමේ අවශ්‍යතාවය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අවධාරණය කරයි.

    කොළඹ පැවැත්වෙන 02 වන ඉන්දියන් සාගර සම්මේලනයට සහභාගීවන එහි උපසභාපතිනි ඉන්දියානු විදේශ කටයුතු ඇමතිනි සුෂ්මා ස්වරාජ් මහත්මිය   (01)   දින ජනාධිපති නිල නිවසේදී හමු වූ අවස්ථාවේදී ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේය.

    කලාපයේ රටවල ආර්ථික සහ බලශක්ති අවශ්‍යතාවයන් උදෙසා වූ අත්‍යාවශ්‍ය ප‍්‍රවාහන මාර්ගය ඉන්දියානු සාගරය බව පෙන්වාදුන් ජනාධිපතිතුමා එයින් අප රටවල ජනතාවට ඝෘජු බලපෑමක් තිබෙන බව ද සඳහන් කළේය.

    කලාපයේ රටවලට මෙන්ම කලාපයේ සාමයට සහ සුරක්ෂිතතාවයට සහ ස්ථාවරත්වයට ද ඉන්දියානු සාගරයේ ආරක්ෂාව ඝෘජුවම සම්බන්ධ බව ද ජනාධිපතිතුමා පැවසීය.

    ඉන්දියාව සහ ශී‍්‍ර ලංකාව අතර ඈත අතීතයේ සිට පවතින ශක්තිමත් සම්බන්ධතාවය තවත් ඉහළ නැංවීමට ශී‍්‍ර ලංකා රජය ගන්නා පියවර පිළිබඳව ප‍්‍රසාදය පළ කළ විදේශ ඇමතිනිය දෙරටේ ජනතාවගේ යහපත උදෙසා යෝජිත නව ද්විපාර්ශවික ආර්ථික යෝජනා ක‍්‍රම වේගවත් කිරීම කෙරෙහි ඉන්දියාව කැපවීමෙන් කටයුතු කරන බවද පැවසීය.

    දෙරට අතර පවතින පුළුල් සුහද සබඳතාවය සහ අන්‍යෝන්‍ය දේශපාලන තත්ත්වයන් පිළිබඳව ඇති අවබෝධය නිසා ඕනෑම ගැටලුවක් සුහදව නිරාකරණය කර ගැනීමට හැකියාව තිබෙන බවද විදේශ ඇමතිණිය සඳහන් කළාය.

    අසල්වාසී මිත‍්‍ර රාජ්‍යයක් ලෙස ඉන්දියාව සෑමවිටම ශී‍්‍ර ලංකාවට ලබාදෙන සහය පිළිබදව ජනාධිපතිතුමා මෙහිදී ඉන්දීය විදේශ ඇමතිණිය වෙත සිය ස්තූතියි පිරිනැමීය.

    මේ අතර 02 වන ඉන්දියන් සාගර සම්මේලනයට සහභාගීවීමට දිවයිනට පැමිණ සිටින දකුණු කොරියාවේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය ක්‍යද ඊහමබටව්ැ මහතා ද අද පෙරවරුවේ ජනාධිපති නිල නිවසට පැමිණ ජනාධිපතිතුමා හමු විය.

    මෑතකාලීනව ශී‍්‍ර ලංකාව තුළ ආයෝජන අවස්ථා ඉහළ නැංවීමට කටයුතු කිරීම පිළිබඳව මෙහිදී කොරියානු නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා වෙත තම ස්තූතියි පිරිනැමූ ජනාධිපතිතුමා දකුණු කොරියාවට දැනට මුහුණදීමට සිදුව තිබෙන අභියෝග හමුවේ ඉවසිලිවන්තව කි‍්‍රයාකිරීම පිළිබඳව ද සිය ප‍්‍රසාදය පළ කළේය.

    දෙරට අතර ආර්ථික සහයෝගීතාවයන් ඉහළ නංවා ගැනීමට ගෙන ඇති පියවරයන් සාර්ථකව කි‍්‍රයාවට නැංවීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya