අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිරිතදිග මෝසම් සුළං වේගය විටින් විට වැඩි වෙයි Featured

    ජූලි 02, 2014

    අද (02) දිවයිනේ, විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වල සහ අවට මුහුදු ප්‍රදේශවල නිරිතදිග මෝසම් සුළං වේගය විටින් විට වැඩි වීමට ඉහළ හැකියාවක් තව දුරටත් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව නිරිතදිග කොටසේ පවතින වැසි සහිත කාලගුණ තත්වය අද දින අඩුවේයයි අපේක්ෂා කෙරේ.


    දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. වයඹ පළාතට සහ හම්බන්තොට දිස්ත්‍රික්කයට ද වැසි පැතිර යා  හැක.


    අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම සහිත වැස්සක් ඇතිවීමට ඉඩ කඩ ඇත.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය

    කොළඹ, ගාල්ල, රත්නපුර, නුවරඑළිය සහ මහනුවරට විටින්විට වැසි ඇති විය හැක.


    අනුරාධපුර, මඩකළපුව, ත්‍රිකුණාමලය, යාපනය හා මන්නාරමට ප්‍රධාන වශයෙන් වැසි නොමැති තත්ත්වයක් පවතී.


    උෂ්ණත්වය හා වර්ෂාපතනය

    උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 36 ත්‍රිකුණාමලයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 13 නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.


    ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 36.1 පොතුවිල් ප්‍රදේශයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 12.4 නුවරඑළියෙන් ද මි.මී. 90.8ක උපරිම වර්ෂාපතනය​ රත්නපුර, ගුරුලුවාන ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya