අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දෙහිවල ශී‍්‍ර මහා බෝධි මහා විහාරයේ අභිනව ධර්මශාලා මන්දිරය විවෘත කිරීමේ පුණ්‍යෝත්සවය ජනපති ප‍්‍රධානත්වයෙන්

    ජූනි 27, 2017

    දෙහිවල ශී‍්‍ර මහා බෝධි මහා විහාරයේ අභිනව ධර්මශාලා මන්දිරය විවෘත කිරීමේ පුණ්‍යෝත්සවය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්  (26) පස්වරුවේ පැවැත්විණි.

    වසර 300 ක පමණ ඉතිහාසයකට හිමිකම් කියන ඓතිහාසික වටිනාකම් රැසකින් යුත් දෙහිවල ශී‍්‍ර මහා බෝධි විහාරස්ථානය වෙත අද පස්වරුවේ ගිය ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත්වල නිරත විය.

    අනතුරුව සමරු ඵලකය නිරාවරණය කර අභිනව ධර්ම ශාලා මන්දිරය විවෘත කළ ජනාධිපතිතුමා එහි බුද්ධ ප‍්‍රතිමා වහන්සේ වෙත ද පළමු මල් පූජාව සිදු කරනු ලැබීය.

    ශී‍්‍ර ලංකා අමරපුර මහා නිකායේ මහා නායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නායක ස්වාමින් වහන්සේ සහ ශී‍්‍ර ජයවර්ධනපුර විශ්විවද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනායක ස්වාමින් වහන්සේ විසින් මෙහිදී විශේෂ අනුශාසනාවන් සිදු කළහ.

    විහාරාධිපති විශ‍්‍රාමලත් ධර්මාචාර්ය පූජ්‍ය මිහිරිපැන්නේ සෝභිත නායක ස්වාමින් වහන්සේ විසින් ජනාධිපතිතුමා වෙත විශේෂ සමරු තිළිණයක් පිළිගැන්වූ අතර ජනාධිපතිතුමා විසින් ද උන්වහන්සේ වෙත සමරු තිළිණයක් පිළිගැන්වීය.

    ශාස්ත‍්‍රපති පූජ්‍ය එගොඩමුල්ලේ අමරමෝලි මහා නායක ස්වාමින් වහන්සේ, ශාස්ත‍්‍රපති පණ්ඩිත පූජ්‍ය මාඋස්සාගොල්ලේ ලංකානන්ද නායක ස්වාමින් වහන්සේ ප‍්‍රමුඛ පළාතේ මහා සංඝරත්නය ද, රදගුරු එමානුවෙල් ප‍්‍රනාන්දු පියතුමන් ඇතුළු අන්‍යාගමික පූජකවරුන් ද, අමාත්‍යවරුන් වන විජයදාස රාජපක්ෂ, පාඨලී චම්පික රණවක, පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස්.එම්. මරික්කාර් යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයින් පිරිසක් සහ ප‍්‍රදේශවාසී සැදැහැවත් ජනතාව විශාල පිරිසක් මෙම පුණ්‍යෝත්සවයට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya