නොවැම්බර් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෙළඳ, ආයෝජන කටයුතු පුළුල් කර ගැනීමට තුර්කිය සමග සාකච්ඡා Featured

    ජූනි 23, 2017
    තුර්කිය සහ ශ්‍රී ලංකාව අතර පවතින ආනයන අපනයන කටයුතු තවඳුරටත් ප්‍රවර්ධනය සඳහා අවස්ථාව උදා වී ඇති බව, ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති තොන්කා ඔෂ්කඩර් මහතා (Tunca Ozcuhadar) මේ බව පැවසිය.
     
    ඊයේ (22) පස්වරුවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී අමාත්‍ය රවී කරුණානායක මහතා හමු වූ අවස්ථාවේදී තුර්කි තානාපතිවරයා මේ බව සඳහන් කළේය.
     
    නව විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස රවී කරුණානායක මහතාට සුභ පැතුම් එක් කළ තුර්කි තානාපතිවරයා දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා තවඳුරටත් ශක්තිමත් කර ගැනීමට කාලය එළඹ ඇති බවද කීය.
     
    මෙම හමුවේදී, ශ්‍රී ලංකාව හා තුර්කිය අතර වෙළඳ හා ආයෝජන කටයුතු ශක්තිමත් කර ගැනීම පිළිබඳව ද අදහස් හුවමාරු කර ගැනිණි.
     
    විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා මෙහිදී කියා සිටියේ තුර්කි රාජ්‍ය විවිධ අංශයන්ගෙන් ශ්‍රී ලංකාවට ලබා දෙන සහය අගය කරන බවයි.
        
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya