මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයින ආශ්‍රිතව වැසි ඇතිවීමේ හැකියාව අඩු මට්ටමක Featured

    ජූනි 22, 2014

    අද (22) දිවයින හරහා, වි‍ශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල  විටින් විට නිරිත දිග මෝසම් සුළං වේගය වැඩි වීමේ හැකියාව තව දුරටත් ඉහළ මට්ටමක පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව එහෙත් දිවයින ආශ්‍රිතව වැසි ඇතිවීමේ හැකියාව අඩු මට්ටමක පවති.


    දිවයිනේ මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි  වාර කිහිපයක් ඇතිවේ. මෙම වැසි වයඹ පළාත දක්වා ද පැතිර යා හැක.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකියට අනුව කොළඹ, ගාල්ල, රත්නපුර, නුවරඑළිය සහ මහනුවරට වැසි වාර කිහිපයක් ඇති විය හැක.


    මඩකළපුවට, අනුරාධපුර, ත්‍රිකුණාමලය, යාපනය හා මන්නාරමට ප්‍රධාන වශයෙන් වැසි නොමැති තත්ත්වයක් පවතී.


    උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 37 මඩකළපුවෙන් හා ත්‍රිකුණාමලයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 13 නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.


    ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 37.1 මඩකළපුව ප්‍රදේශයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 14.3 නුවරඑළියෙන් ද මි.මී. 35.5ක උපරිම වර්ෂාපතනය​ නෝර්ටන් ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya