අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇතැම් මුහුදු ප්‍රදේශවලට වැසි - විටින් විට රළු වේ

    ජූනි 21, 2014

    අද (21) දිවයින අවට මුහුදු ප්‍රදේශවල විටින් විට නිරිත දිග මෝසම් සුළං වේගය වැඩි වීමේ හැකියාව තව දුරටත් ඉහළ මට්ටමක පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද උදෑසන 05.30ට නිකුත් කරන ලද මුහුදේ කාලගුණ තත්ත්වය පිළිබඳ අනාවැකියට අනුව පුත්තලම සිට ගාල්ල හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල සහ ත්‍රිකුණාමලයට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.


    සුළං නිරිත දෙසින් හමන අතර සුළං වේගය පැ.කි.මී. 30-40ක් පමණ වේ. සුළං වේගය විටෙක පැ.කි.මී. 50-60 පමණ දක්වා ඉහළ යා හැක.


    මන්නාරම සිට කොළඹ සහ ගාල්ල හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටෙක පැ. කි. මී. 70-80 පමණ දක්වා ඉහළ යාමේ හැකියාව තව දුරටත් ඉහළ මට්ටමක පවතින බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට තද රළු විය හැකි අතර දිවයින වටා වන අනෙක් මුහුදු ප්‍රදේශ ද විටින් විට රළු විය හැක.


    මේ පිළිබඳව විමසිලිමත් වන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya