නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පෞද්ගලික බස් රථ හිමියන්ගේ ගැටලු සොයා බැලීමට ජනපතිගෙන් විශේෂ මණ්ඩලයක් Featured

    දෙසැම්බර් 03, 2016

    කිසිදු පාර්ශවයකට අසාධාරණයක් වීමට රජය ඉඩ නොතබන බව ජනපති අවධාරණය කරයි.

     

    පෞද්ගලික බස් රථ හිමියන් මුහුණ දී ඇති ගැටලු සහ ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයේ මතුව ඇති ගැටලු පිළිබඳ සොයා බලා අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගැනීමට ජනාධිපතිතුමා විසින් විශේෂ මණ්ඩලයක් පත් කරයි.

    දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක නිරතව සිටි සමස්ත ලංකා බස් රථ හිමියන්ගේ සංගමය ඇතුළු තවත් බස් සංගම් කිහිපයක නියෝජිතයින් සමග අද (03) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිතුමා මෙම තීරණයට එළැඹිණි.

    ප‍්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්, මුදල් අමාත්‍යාංශයේ ලේකම්, රථ වාහන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, නීතිපතිවරයා විසින් පත් කරන ලද ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු, මෝටර් රථ කොමසාරිස් විසින් පත් කරන ලද ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙකු සහ ජනාධිපති අතිරේක ලේකම්වරයෙකුගෙන් මෙම මණ්ඩලය සමන්විත වනු ඇත.

    මෙම මණ්ඩලය ලබන සඳුදා දින සමස්ත ලංකා බස් රථ හිමියන්ගේ සංගමයේ තෝරාගත් නියෝජිතයින් පිරිසක් හමුවීමට නියමිත අතර එහිදී අදාළ ගැටලු  පිළිබඳ  සාකච්ඡා කිරීමට නියමිතය.

    නව දඩ ක‍්‍රමය සමඟ මතුව ඇති ගැටලු පමණක් නොව බස් රථ හිමියන් මුහණ දී ඇති සියලු ගැටලු පිළිබඳ මෙම මණ්ඩලය සමඟ සාකච්ඡා කර ඉදිරියේ දී යම් යම් එකඟතාවයන්ට එළැඹිය හැකි බව ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නේය.

    රජය සෑම තීන්දුවක්ම ගනු ලබන්නේ මහජනතාවගේ යහපත උදෙසා බව මෙහිදී ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා රටේ සෑම අංශයක් පිළිබඳවම වගකීමෙන් කටයුතු කිරීම රජයේ ප‍්‍රතිපත්තිය බවත් කිසිවෙකුටත් අසාධාරණයක් සිදුවීමට රජය ඉඩ නොතබන අතර සාකච්ඡා මාර්ගයෙන් සෑම ගැටලුවක්ම විසඳ ගැනීමට සූදානම් බවත් ජනාධිපතිතුමා මෙහිදී ප‍්‍රකාශ කළේය.

    බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවපි‍්‍රය මහතා ද මෙම සාකච්ඡාවට එක්ව සිටියේය.

     

    ජනාධිපති මාධ්‍ය අංශය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya