විශේෂයෙන්ම මීගමුව - කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර වන ලෙස දමා තිබූ කන්ටේනර් වහාම ඉවත් කිරීමට පොලිසිය ක්‍රියා කර ඇති අතර ඊට සම්බන්ධ අය අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇත.
අද දිනය තුළ බස් රථ කිහිපයකට පහර දීම හා රාජ්‍ය දේපළවටල හානි කිරීම් වාර්තා වී ඇති බවත්, ඒ සම්බන්ධ පොලිස් පරීක්ෂණ දැනටමත් ආරම්භ කර ඇති බව ද පොලිසිය පවසයි.
සාමාන්‍ය ජන ජීවිතය අඩාල කිරීමටත් රාජ්‍ය දේපළවලට හානි කිරීමටත් එරෙහිව තදින් නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසිය කටයුතු කරයි. මෙසේ රාජ්‍ය දේපළවලට අලාභ කළ පුද්ගලයන් හඳුනා ගනිමින් සිටින අතර ඔවුන් ඉතා ඉක්මනින් අත්අඩංගුවට ගන්නා බව ද පොලිය වැඩිදුරටත් පවසයි.