නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නාගරික ප්‍රදේශවලින් 20%ක් දියවැඩියාවට ගොදුරු වෙයි

    නොවැම්බර් 10, 2016
    නාගරික ප‍්‍රදේශවලින් 20‍% ක් වර්තමානයේ දියවැඩියාවට ගොදුරු වී ඇති බවත් ගම්බද ප‍්‍රදේශවල දියවැඩියාව සැදීමේ ප‍්‍රවණතාවය 08% ක් බවත් දියවැඩියා රෝගීන්ගෙන් 23%කට ඇසේ සුද ඇතිවීමේ අවදානමක්  පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.
     
    නොවැම්බර් 14දාට යෙදෙන ලෝක අක්ෂි දිනය වෙනුවෙන් පැවැති විශේෂ මාධ්‍ය හමු වේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා මේ බව පැවසීය.
     
    "දියවැඩියාව අද බරපතල සමාජ සෞඛ්‍ය ප‍්‍රශ්නයක් බවට පත්ව තිබෙනවා. බෝනොවන රෝග ගණයට තමයි අපි දියවැඩියාව නම් කරන්නේ. දියවැඩියාව තුරන් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩසටහන් රැසක් දියත් කර තිබෙනවා. පැණිබීම වර්ග සඳහා වර්ණ සංකේත ක‍්‍රමයක් අපි පසුගිය කාලයේ හදුන්වා දුන්නේ දියවැඩියාව අවම කිරීම සඳහායි". 
     
    "අවුරුදු 40ට වඩා සෑම පුද්ගලයෙකු ම වසරකට වරක් තම අක්ෂි පරීක්ෂාවක් සිදු කළ යුතු වෙනවා. දියවැඩියාව හේතුවෙන් අක්ෂි රෝග පමණක් නොව ග්ලුකෝමා වැනි තත්ත්වයන් ඇතිවිය හැකියි. තවද දියවැඩියා රෝගීන්ගෙන් 23% කට ඇසේ සුද ඇතිවීමේ අවදානමක් ඇති අතර, ගම්බද ප‍්‍රදේශවල දියවැඩියාව සැදීමේ ප‍්‍රවණතාවය 08%ක් වේ. අද අක්ෂි ශල්‍ය වෛද්‍යවරු 58ක් දිවයින පුරා අක්ෂි සායන පවත්වනවා. වාර්ෂිකව මිලියනයකට වඩා වැඩි මුදලක් අක්ෂි සේවාව සඳහා වැය කරනවා. වාර්ෂිකව අපේ රටේ ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්ම 89,000ක් පමණ සිදු කරන අතර, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ සංකල්පයක් මත අක්ෂි කාච නොමිලයේ ලබාදීමේ වැඩපිළිවෙළක් ද ක‍්‍රියාත්මක වෙනවා”  යැයි ද පැවැසීය.
     
    අක්ෂි දිනය වෙනුවෙන් නොවැම්බර් 13දා සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් ජනතාව දැනුවත් කිරීමේ පාගමනක් පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු යොදා ඇත. 
     
    මෙම අවස්ථාවට අක්ෂි රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය නිලන්ති ප‍්‍රනාන්දු, අක්ෂි විශේෂඥ වෛද්‍යවරුන් වන බිනර අමරසිංහ, දීපානි වේවැල්වල, චරිත් ෆොන්සේකා, ප‍්‍රදීපා සිරිවර්ධන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ. 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya