ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
සිගරට් මිල වැඩිවීමට සමාන්තරව බීඩි මිල වැඩි නොවීම සම්බන්ධයෙන් ද මෙහිදී මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීම් සඳහා පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ සිගරට් මිල වැඩිවීම මෙන් ම බීඩි මිලද වැඩි කොට ඇති බවයි.
එමෙන් ම සිගරට් මිල වැඩිකිරීම හේතුකොට ගෙන බීඩි භාවිතය වැඩිවීමක් සිදු නොවන බවත් සෑම බදු වැඩිකිරීමකදී ම 4% - 5%ත් අතර ප්‍රමාණයක සිගරට් භාවිතය අඩු වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කළ සමීක්ෂණ හරහා අනාවරණය වී ඇතැයි ද පෙන්වාදුන් අමාත්‍යවරයා සිගරට් නිෂ්පාදනය සඳහා යොදාගන්නා අමුද්‍රව්‍යයන් හි පිළිකාකාරක 22ක් අඩංගු වන බවත් බීඩි සඳහා භාවිත කරන ඖෂධවල පිළිකා කරක 04ක් අඩංගු වන බවත් පෙන්වා දුන්නේය.
එමෙන් ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මාර්ගයෙන් වෙළෙඳසැල්වලින් සිගරට් අළෙවි නොකරන ලෙස ඉල්ලීම් කෙරෙන දැවැන්ත දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.