නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී පාදස්ථාන සිදුවීමෙන් ආගමික වෛරයක් ඇති වනවා Featured

    නොවැම්බර් 02, 2016
    මේ දිනවල සමාජ මාධ්‍ය මගින් ශ්‍රී පාදස්ථානය සම්බන්ධයෙන් පළ වන වාර්තාවන් හරහා ආගමික වෛරයක් ඇතිවීමේ ඉඩ අවස්ථා ඇති බවත් එවැන්නක් සිදුවීමට ඉඩ නොතැබිය යුතු බවත් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
     
    සමාජ මාධ්‍ය මගින් ගෙන යන ප්‍රචාරණයන් සම්බන්ධයෙන් තමන් ඉතා කණගාටුවට පත්වන බවත් මෙවැනි කටයුතු සම්බන්ධයෙන් ජනතාව අවධානයෙන් පසුවීම පිළිබඳ ව සතුටු වන බවත් කීය.
     
    "ඒ අනුව ශ්‍රීපාදස්ථානයට අයත් භූමියේ කිසිඳු ඉදිකිරීමක් සිදු නොවේ. මේ ආසන්නයේ පවතින පෞද්ගලික ඉඩමක පිහිටා ඇති නිවාඩු නිකේතනයක් අලුත්වැඩියා කිරීමට අනුමැතිය ලැබී තිබෙනවා. නමුත් මේ සම්බන්ධයෙන් පරිසර වාර්තාවක් අවශ්‍ය බව පරිසර අධිකාරියෙන් පැවසුව ද එවැන්නක් අදාළ නොවන බවට වන තීරණයක් මත අඹගමුව ප්‍රාදේශීය ලේකම්වරයා විසින් මෙම නවීකරණ කටයුතු සඳහා අවසර ලබාදී තිබෙනවා".
     
    මේ වන විට පරිසර අධිකාරියේ නියෝගයෙන් මේ වන විට එම කටයුත්ත නතර කිරීමට කටයුතු කොට ඇති බවත් මේ හරහා පරිසර හානියක් සිදුවේ නම් රක්ෂිතයට අයත් වූවද නොවූවද ඒ සම්බන්ධයෙන් රටේ නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya