එම නෞකාවන් අද (23) ඉන්දියාවේ කොචින් වරාය වෙත ළඟාවීමට නියමිත අතර මෙම සංචාරයේ දී, විශේෂ පුහුණුවීම් කිහිපයක් සිදු කිරීමට ද නියමිතය.
දෙරටෙහි නාවික හමුදා අතර ද්විපාර්ශ්වික සබඳතා සහ මිත්‍රත්වය ශක්තිමත් කරමින් ඔවුනොවුන් මුණගැසීමටත්, අඳහස් හුවමාරු කර ගැනීමටත් අවස්ථාව සලසන එම ඉන්දීය සංචාරය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ පුහුණුව ලබන මධ්‍ය නිලධාරීන් 20 දෙනෙකු ඇතුළුව නාවික පුද්ගලයන් 304 දෙනෙකු සහභාගීවීමට නියමිතය.
මෙම කණ්ඩායම ඉන්දියානු නාවික හමුදාවේ දකුණු විධානයේ INS වෙන්ඩුරුති හා INS ඩ්‍රෝනචර්යා යන පුහුණු පාසල් නිරීක්ෂණය කිරීමටත්, එහිදී ප්‍රායෝගික ක්‍රියාකාරකම් කිහිපයකටත් සහභාගීවීමටත් නියමිතය. මේ අනුව ජාත්‍යන්තර නාවික හමුදාවට සම්බන්ධ දැනුම හා අත්දැකීම් ලබා ගැනීමට ද මෙම සංචාරය මගින් මහත් පිටිවහලක් ලැබෙනු ඇත.