නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොරියානු භාෂා විභාගයෙන් 3514 ක් සමත් Featured

    ඔක්තෝබර් 12, 2016
    ඇගයුම් මත ලකුණු දීමේ ක‍්‍රමවේදය යටතේ පැවැත්වුණු පළමු කොරියානු භාෂා ප‍්‍රවීණතා විභාගයෙන් අපේක්‍ෂකයින් 3514 දෙනෙකු සමත් වී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි. 
     
    නිෂ්පාදන අංශයේ රැකියා සඳහා අයදුම්කරුවෝ 20187ක් හා ධීවර අංශයේ රැකියා සඳහා අපේක්‍ෂකයින් 3118 දෙනෙකු ඉදිරිපත් වූහ. 
     
    මෙම විභාගයෙන් ඉහල ලකුණු ලබා ගත් අයදුම්කරුවන්ගේ නාමලේඛනය කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය විසින් ප‍්‍රකාශයට පත්කර තිබේ. විභාගය කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය හා  ශී‍්‍ර ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය එක්ව පවත්වන ලදී. ශ‍්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ සහයෙන් විභාගයේ සියලු අධීක්ෂණ කටයුතු සිදුකෙරිනි. 
     
    මෙවර විභාගය සමත් වූවන්ගේ නාම ලේඛනය, ලබාගත් ලකුණු ප‍්‍රමාණය, නිපුණතා පරීක්ෂණ දිනය හා වේලාව කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය. 
     
    මේ වන විට දකුණු කොරියාවේ ශී‍්‍ර ලාංකික ශ‍්‍රමිකයන් 26,000ක් පමණ සේවය කරති.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya