නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ පස් අවුරුදු සැලසුමට ජපන් රජයෙන් රුපියල් බිලියන 46ක් Featured

    ඔක්තෝබර් 12, 2016
    ශ්‍රී ලංකාවේ ඉදිරි පස් අවුරුදු ඉලක්ක ලෙස රැකියා දසලක්ෂයක් ඇති කිරීම, ජනතාවගේ අදායම ඉහල නැංවීම, ග්‍රාමීය ආර්ථිකය වර්ධනය කිරීම, ජනතාවට ඉඩම් හිමිකම් ලබාදීම, ශක්තිමත් මධ්‍යම පන්තියක් නිර්මාණය කිරීම සහ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම වෙනුවෙන් රුපියල් බිලියන 46ක ණය මුදලක් ජපන් රජයෙන් ලබාදීමට පියවර ගෙන තිබේ. 
     
    පසුගිය වසරේ ඔක්තෝම්බර් 4දා සිට 7දා දක්වා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ජපන් සංචාරයේ දී එරට අගමැති ෂින්සෝ අබේ මහතා සමඟ පවත්වන ලද ද්විපාර්ශවික සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය හරහා මෙම මුදල් ශ්‍රී ලංකාවට ලබා දීමට කටයුතු කර ඇත.
     
    දෙරටේ අගමැතිවරුන් අතර ඇති වූ එම සාකච්ඡාවේදී තිරසාර සංවර්ධනය, ඉන්දියානු සහ පැසිපික් සාගර කලාපයේ ඇති ආර්ථික අභියෝග, ආනයන අපනයන වෙළඳපොළ, ආර්ථික සහයෝගිතාවය සහ ජාතික සංවර්ධනය මෙන්ම ජාතික සංහිදියාව සහ සාමය නගාසිටුවීම පිළිබඳ පුළුල් ලෙස සාකච්ඡා විය.
     
    ජපන් රජයෙන් මෙම මුල්‍ය ප්‍රතිපාදන ලබාදීම වෙනුවෙන් වූ ගිවිසුම අත්සන් තැබීම, ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතාගේ සහ  ජපන් අග්‍රාමාත්‍යතුමාගේ උපදේශක හිරෝටෝ ඉසුමි මහතාගේ ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යංශයේ දී සිදුවිය. 
     
    මෙම ගිවිසුමට අනුව සංවර්ධන ප්‍රතිපත්තිමය ණය ලෙස රුපියල් මිලියන 14,453ක් මුල් ලබාදෙන අතර වකුගඩු රෝගය ව්‍යාප්ත වන අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාවට සෞඛ්‍යාරක්‍ෂිත පානීය ජල පහසුකම් ලබාදීම මුල් කර ගනිමින් සිදුවන ව්‍යාපෘති වෙනුවෙන් රුපියල් මිලියන 32,169ක මුදලක් ද ලබා දීමට නියමිතය. මෙම ගිවිසුමට අදාල  හුවමාරු පත්‍ර අත්සන් කිරීම මෙහිදී සිදු විය. ජපන් රජය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කෙනිචි සුගුනුමා මහතා සහ ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ උප සභාපති හිඩේටොෂි ඉරිගකි මහතා ද ශ්‍රී ලංකාව වෙනුවෙන් මුදල් අමාත්‍යංශයේ භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් ජි.ඩි.සී. ඒකනායක මෙනෙවිය ද විසින් අත්සන් තැබිණි. 
     
    සංවර්ධන ප්‍රතිපත්තිමය ණය මුදල්  පළමු අදියරේ දී ජපන් රජය විසින් ප්‍රදානය කරන අතර දෙවන අදියර යටතේ වකුගඩු රෝගීන් ඉහළ ප්‍රතිශතයක් වාර්තා කළ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදවිය, කැබිතිගොල්ලෑව, හොරොව්පතාන, කහටගස්දිගිලිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අවරණය වන පරිදි ජල සම්පාදන ව්‍යාපෘති ආරම්භ කිරීම වෙනුවෙන් වන මුල්‍ය ප්‍රතිපාදන ලබාදීමට  නියමිතය. 
     
    ජපන් රජය නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් නිලධාරීන් පිරසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya