නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ විශ්වවිද්‍යාලය හා අධිකරණ අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමක්

    ඔක්තෝබර් 06, 2016

    නීති පර්යේෂණ දියුණු කිරීම සඳහා අධිකරණ අමාත්‍යංශය හා කොළඹ විශ්වවිද්‍යාලය නීති පීඨය අතර අවබෝධතා ගිවිසුමක් අද (06) අත්සන් කළ බව අධිකරණ අමාත්‍යාංශය සඳහන් කරයි.

    යුක්තිය පසිඳලීමේ කාර්යභාර්යය වඩාත් කාර්යක්ෂමව හා ඵලදායි ලෙස ඉටු කිරීමට නිති සම්පාදනය කිරීමෙහිලා ප්‍රජාවට බලපානු ලබන තොරතුරු ලබා ගැනීම සදහා නීති පර්යේෂණ ඒකකයක් පිහිටුවීමට මෙම ගිවිසුම අත්සන් කිරීමේ අරමුණු වේ.

     

    අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා  ද මෙම අවස්ථාවට එක්ව සිටි අතර කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති කාර්යාලයේදි මෙම ගිවිසුම අත්සන් කළේය.

     

    කොළඹ විශ්වවිද්‍යාලය වෙනුවෙන් එහි උපකුලපති ලක්ෂමන් දිසානායක මහතා හා අධිකරණ අමාත්‍යංශය වෙනුවෙන් එහි ලේකම් පද්මසිරි ජයමාන්න යන මහත්වරුන් මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කළහ.

     

    දීර්ඝ කාලයක් මුළුල්ලේ නීති ක්ෂේත්‍රයේ පැවති නීති පර්යේෂණවල අඩුපාඩු හඳුනා ගනිමින් ප්‍රජාවට වඩාත් බලපානු ලබන නීති ගැටලු හඳුනාගෙන යුක්තිය පසඳලීමේ කාර්යෙහිලා වඩාත් වැදගත් වන නීති තොරතුරු ක්ෂේත්‍රයන් හඳුනාගෙන නීති පර්යේෂණ කටයුතු සිදු කිරීම ද මෙමඟින් අ‍පේක්ෂා කෙරෙන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

     

    මේ අනුව පිහිටුවනු ලබන නීති පර්යේෂණ ඒකකය සඳහා අධිකරණ අමාත්‍යාංශය රුපියල් මිලියන 75ක මුදලක් වෙන් කර තිබේ.

     

    මෙම අවස්ථාවට අධිකරණ අමාත්‍යංශ ලේකම් පද්මසිරි ජයමාන්න , කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක, කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ පීඨාධිපති මහචාර්ය ඉන්දිරා නානායක්කාර, කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ හිටපු පීඨාධිපති වී.ටි තමිල්මාරම්, නීති පිඨයේ හිටපු පීඨාධිපති එන්. සෙල්ලකුමාරන්, නීති පීඨයේ අංශාධිපති (වාණිජ නීති) ඩබ්ලිව්. සෙනෙවිරත්න ඇතුළු කොළඹ විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන් පිරිසක් එක්වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya