අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ඩී. පී.ජී. කුමාරසිරි මහතා විසින් මෙම තීන්දුව ගන්නා ලද්දේ පූජා නගර කමිටුවට වැඩම කළ රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී අති පුජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය කළ ඉල්ලීමකට අනුවය.
ඓතිහාසික වැදගත්කම මෙන්ම, වර්තමානයේ පානීය ජල මුලාශ්‍රයක් වන පෙර රජ දවස "පූජා වැව" ලෙස හැදින්වූ තිසා වැවෙහි දිය නෑම තහනම් කිරීමට ගත් තීන්දුව ද ඉතාම කාලෝචිත ක්‍රියාවක් වශයෙන් අගය කළ හැකි බවත් එය සිදුකලාක් මෙන් ම බසවක්කුලම වැවෙහි මසුන් ඇල්ලීම නැවැත්වීම ඉතා වැදගත් කාර්යයක් වන බව පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ පූජා කමිටුවට පැහැදිලි කළහ.
එමෙන් ම මිරිසවැටිය චෛත්‍ය හා රුවන්වැලි මහා සෑ රඳුන් සමීපයෙහි පිහිටා ඇති අභය වැව අනුරාධපුරයට පැමිණෙන බැතිමතුන් විශාල පිරිසක් ස්නානය සඳහා යොදා ගන්නා අතරම තිසාවැව දිය නෑමට තහනම් කිරිමෙන් පසුව ඊට ප්‍රධාන විකල්පය වශයෙන් හඳුන්වා දුන්නේ ද අභය වැවයි. එය ඉදිරියේ දී බැතිමතුන්ට ස්නානය කිරිම පහසු කිරිම සඳහා නාන තොටුපළ ආදියෙන් සංවර්ධනය කිරිමට ද නියමිතය.
බෞද්ධාගමික සිද්ධස්ථාන රැසක් මධ්‍යයේ පිහිටා තිබීමත්, ස්නානය සඳහා අපහසුතා ඇති විමත් යන කරුණු පදනම් කරගෙන මෙම වැවෙහි මසුන් මැරිම නැවැත්විය යුතුය යන්නට පුජා නගර කමිටුව එකග විය. මෙම ප්‍රතිපත්තිමය තීන්දුවක් බවත්, එම වැවෙහි මසුන් ඇල්ලා ජීවත් වු ජනාතවට විකල්ප ස්ථාන තම රැකියාව සඳහා ලබාදීමටත් වගකිව යුතු අංශ කටයුතු කළයුතු බව ද දිස්ත්‍රික් ලේකම්වරයා මෙහිදී සඳහන් කළේ ය.