නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අයවැය සකස් කරන්නේ දේශපාලන න්‍යාය පත්‍රයට අනුව නොවෙයි - මුදල් ඇමැති

    ඔක්තෝබර් 02, 2016

    යහපාලන ආණ්ඩුව අයවැය ලේඛනය සකස් කරන්නේ කිසිදු දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව නොවන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

    ආණ්ඩුව මේ වන විට ගමන් කරමින් සිටින්නේ දීර්ඝ කාලීන සංවර්ධන සැලැස්මක් මත බවත්, අයවැයේ අපේක්ෂාව වන්නේ එම ගමන ශක්තිමත් කිරීම බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි. රවී කරුණානායක මහතා මේ බව කියා සිටියේ පසුගියදා මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.  

    අමාත්‍යවරයා එහි දී වැඩි දුරටත් සඳහන් කළේ ආදායම් ඉහළ නංවා ගත හැකි, ජීවන බර අවම කර ගත හැකි අයවැය ලේඛනයක් 2017 වසර සඳහා ඉදිරිපත් කරන බවයි. 2016 වසර සඳහා ඉදිරිපත් කළ අයවැය ලේඛනයේ සඳහන් යෝජනා 410න් අති බහුතරයක් ඉතා සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතින බවත්, ඇතැම් යෝජනා කාලරාමුවකට අනුව ඉදිරියේ දී ක්‍රියාත්මක කරන බවත් හෙතෙම අවධාරණය කළේ ය.

    රටේ සංවර්ධන ක්‍රියාවලිය වේගවත්ව ඉදිරියට අරගෙන යන්න තමයි අපට අවශ්‍ය වන්නේ. ඒ වෙනුවෙන් ගත හැකි හැම ක්‍රියාමාර්ගයක් ම අපි ගන්නවා. ඒ අනුව අපි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය වෙත දැනුම් දීල තියෙනවා. සමාගම් ලියාපදිංචි කිරීමට ගතවන කාලය අවම කරන්න කියල. ඒ අනුව ලබන සඳුදා සිට ශ්‍රී ලංකාවේ සමාගමක් ලියාපදිංචි කිරීම පැය 24ක් ඇතුළත සිදු කිරීමට අවශ්‍ය කටයුතු සකස් කරල තියනවා. ඒ වගේ ම සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව දින 7 ම විවෘතව පවතින ආයතනයක් බවට පත් කරන්නත් අවශ්‍ය කටයුතු සූදානම් කරල තියෙනවා.

    දඹුල්ලේ ලොකු ලූණු ගොවීන් ස්ථාවර මිලක් සම්බන්ධයෙන් ඉල්ලීමක් කරල තිබුණ. මේ වන විට අපි ආනයනික ලොකු ලූණු කිලෝ ග්‍රෑම් එකක් මත රුපියල් 40ක බද්දක් පනවල තියෙන්නෙ. අපට පාරිභෝගිකයා ආරක්ෂා කර ගන්නත් ඕනෙ. ඒ වගේ බද්දක් පනවල තියෙද්දිත් තමන්ගෙ අස්වැන්න අලෙවි කර ගන්න බැරි නං අපේ ලූණු ගොවීන් සම්බන්ධයෙන් ලොකු ගැටලුවක් පවතිනවා.

    මේ අතරේ අපි මැදි ආදායම් ලබන රටක් ලෙස පරිවර්තන වීමේ දී අපට ආධාර ලබා ගැනීමේ දී ඇති විය හැකි ගැටලු සම්බන්ධයෙන් ප්‍රබල විදේශ රටවල් කිහිපයක තානාපති සහ මහකොමසාරිස්වරුන් අතර පසුගිය දා පැවැත්වුණා. විශේෂයෙන් ම අපට ඉහළ පොලී අනුපාත මත ණය ලබා ගැනීමට සිදු වීම වැලැක්වීම සඳහා මැදිහත් වීමක් කරන ලෙස අප ඔවුන්ගේ ඉල්ලීමක් කළා. බ්‍රිතාන්‍ය, එක්සත් ජනපදය, ප්‍රංශය, ජර්මනිය, ජපානය සහ ඉන්දියාව යන රටවල මෙරට තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් ඊට එකගත්වය පළ කළා.
    වසර 150ක වඩා පැරණි රේගු ආඥා පනත යාවත්කාලීන කිරීම සම්බන්ධයෙන් සියලු පාර්ශව සමඟ පැවති සාකච්ඡා මේ වන විට සාර්ථක වී තිබෙනවා. එම පනත ලබන ජනවාරි මස සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.” යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya