නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    67 වන චීන ජාතික දින සැමරුම් උළෙල ජනපති ප්‍රධානත්වයෙන් Featured

    සැප්තැම්බර් 30, 2016
    ඓතිහාසික සොඳුරු මිතුදමකට හිමිකම් කියන ශී‍්‍ර ලංකාව සහ චීනය අතර මිත‍්‍රත්වය සහ සුහදශීලිභාවය දිනෙන් දින ශක්තිමත් කරමින් ඉදිරියට ගෙනයාමට වත්මන් රජය කැපවී සිටින බව ජනාධිපතිවරයා පවසයි.
    67 වන චීන ජාතික දින සැමරුම හා චීන ශී‍්‍ර ලංකා මිත‍්‍රත්ව සංගමයට වසර 35 ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කළ විශේෂ සැමරුම් උත්සවයක් පසුගියදා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වුණු අතර එම උත්සව සභාව අමතමින් ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේය.
     
    ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වුණු අතර එම උත්සව සභාව අමතමින් ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේය.
     
    ශී‍්‍ර ලංකාව හා චීනය අතර පවතින මිත‍්‍රත්වය සංවර්ධන හා ආයෝජන ක්ෂේත‍්‍රයන්හිදී මෙන්ම ජාත්‍යන්තර තලයේදී ද අද ඉතා ශක්තිමත්ව සහ උසස් මට්ටමෙන් පවතින බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා එදා මෙන්ම අදද චීනය සෑම අවස්ථාවකම අප වෙනුවෙන් පෙනී සිටින මිත‍්‍රශීලි රාජ්‍යයක් බව කියා සිටියේය.
     
    අධ්‍යාපන, සෞඛ්‍ය, මාර්ග ඇතුළු සියලු ක්ෂේත‍්‍රයන් තුළ යටිතල පහසුකම් සංවර්ධනයේ දී චීනය ශී‍්‍ර ලංකාවට ලබාදෙන සහය මෙහිදී අගය කළ ජනාධිපතිවරයා තමා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව චින ජනාධිපතිවරයාගේ ආරාධනයෙන් චීනයේ කළ පළමු සංචාරයේ දී චීන රජයෙන් සහ ජනතාවගෙන් ලැබුණු උණුසුම් සහ ගෞරවනීය පිළිගැනීම ද කෘතවේදීව සිහිපත් කළේය.
     
    එම සංචාරයේදී චින ජනාධිපතිවරයාගෙන් තමා කළ ඉල්ලීම පරිදි ශී‍්‍ර ලංකාවේ වකුගඩු රෝගීන් වෙනුවෙන් ලැබුණු විශේෂ වකුගඩු රෝහල ශී‍්‍ර ලංකාවට චීනයෙන් මෑතකාලයේ ලැබුණු හිතෛෂීම ත්‍යාගයක් බවද පැවසූ ජනාධිපතිතුමා එහි කටයුතු කඩිනමින් කි‍්‍රයාවට නංවන බව ද කියා සිටියේය.
     
    67 වන චීන ජාතික දින සැමරුම වෙනුවෙන් පාසල් මට්ටමින් පැවතී දීප ව්‍යාප්ත රචනා තරගයේ ජයග‍්‍රාහකයන්ට තිළිණ ප‍්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු වූ අතර චීන – ශී‍්‍ර ලංකා මිත‍්‍රත්ව සංගමයේ සභාපති අමරදාස ගුණවර්ධන මහතා විසින් ජනාධිපතිතුමා වෙත ග‍්‍රන්ථයක් ද පිළිගැන්වීය.
     
    ශී‍්‍ර ලංකාවේ චීන තානාපති යී ෂියැං ලියැං මහතා ඇතුළු ආරාධිත පිරිසක් සැමරුම් උත්සවයට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya