අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ නව බදු සංශෝධනය හේතුවෙන්, වෙළෙඳ පොළේ සීනි මිලට කිසිදු බලපෑමක් ඇති නොවන බවයි.
ආනයනික සීනි සඳහා වන බදු සංශෝධනය කිරීමෙන්, සීනි අලෙවිය සඳහා නියම කර ඇති, කිලෝග්‍රෑම් එකක් සඳහා වන රුපියල් 95/= ක් වන උපරිම සිල්ලර මිලට කිසිදු බලපෑමක් නොමැති බවත් ඒ අනුව පාලන මිල ඉක්මවා වැඩි මිලට සීනි අලෙවි කරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි.
මේ සම්බන්ධයෙන් දිවයින පුරා වැටලීම් සිදු කිරීමට, අදාළ අංශ වෙත දැනටමත් උපදෙස් ලබා දී ඇතැයි ද අමාත්‍යවරයා පෙන්වා දෙයි.
දේශීය උක් කර්මාන්තය හා උක් ගොවීයා ආරක්ෂා කර ගැනීම සහ පාරිභෝගික ජනතාව ආරක්ෂා කර ගැනීම උදෙසා ජාත්‍යන්තර වෙළෙඳපොලේ, සීනි මිල ගණන්වල උපනතීන් සලකා බලා ආනයනික සීනි සඳහා වන වෙළෙඳ භාණ්ඩ බද්ද සංශෝධනය කිරීමට පියවර ගත් බව රවී කරුණානායක මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.