පොලොන්නරුව, දිඹුලාගල, සුගලා දේවි ආදර්ශ ගම්මානය ජනතා අයිතියට පත් කිරීම ද ඊට සමගාමීව සිදු කෙරේ.
එහිදී නව නිවාස 24ක් නිවාසලාභීන් වෙත ලබාදීමට නියමිත අතර වකුගඩු රෝගයෙන් පිඩාවට පත් වූ පවුල් සඳහා නිවාස ආධාර ප්රදානය කිරීම සිදු කෙරෙනු ඇත.
ලෝක ජනාවාස දිනයට සමගාමීව ඔක්තෝබර් මස 03දා සිට දින 10ක කාලයක් ජනාවාස සතිය ලෙස රජය ප්රකාශයට පත් කර තිබේ.