නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හිටපු අමාත්‍ය එම්.කේ.ඒ.ඩී.එස් ගුණවර්ධන මහතා පිළිබඳ ශෝක යෝජනාව විවාදයට

    අගෝස්තු 26, 2016

    හිටපු ඉඩම් අමාත්‍ය එම්.කේ.ඒ.ඩී.එස් ගුණවර්ධන මහතාගේ අභාවය වෙනුවෙන් වූ ශෝක ප්‍රකාශ යෝජනාව අද (26) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැණිනි.

    ශෝක යෝජනාව සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.


    ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටු කළා.  ඔහු ජනතා සිත් තුළ මතකයන් රැසක් ඉතිරි කළා. තම රාජකාරිය නොපිරිහෙළා ඉටු කළා. 1968 වසරේ පොලිස් සේවයට එක් වුණා. වසර 2000-2001 දී මැතිවරණය ජයගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත් වුණා. වසර 2008 දී පළාත් සභාවට තේරී පත් වී ගමට, ජනතාවට ඉටුවිය යුතු යුතුකම් හා වගකීම් නොපිරිහෙලා ඉටු කළා. 2010 වසරේ දී මහ මැතිවරණයට ඉදිරිපත් වූ ගුණවර්ධන මහතා, ඉන් ජයගෙන එවක රජයේ බුද්ධ ශාසන හා ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළා.

     

    පසුගිය ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂකයාගේ ජයග්‍රහණය වෙනුවෙන් විශාල සහයෝගයක් ලබාදුන්නා  යහපාලනයක් කරා රට ඉදිරියට ගෙන යාමට අතිගරු ජනාධිපතිතුමා සමඟ එක් වී දැඩිව කැප වී කටයුතු කළ බව ශෝක යෝජනාව ඉදිරිපත් කරමින් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya