මහාභාණ්ඩාගාරයේ ඇතැම් නිලධාරීන් රජයේ තනතුරු අතහැරීම සම්බන්ධයෙන් පළ වූ පුවත් පත් වාර්තාවක් පදනම් කරගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා විමසූ පැනයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසී ය.
සමහර සංස්ථාවල, භාණ්ඩාගාරයේ නිලධාරීන් ඉන්නවා. මෙම නිලධාරීන් තනතුරුවලින් ඉවත් වී තිබෙනවා. ඉවත් වුනාම අහලා වැඩක් නෑ. ඉවත් වීමට හේතු කියා තිබෙනවා. එක නිලධාරියෙක් හිටියා ශ්‍රී ලංකා ගුවන් සේවයේ, දැන් මොකක්ද ගුවන්සේවයට වෙලා තියෙන්නේ? තව නිලධාරියෙක් හිටියා වරාය සංස්ථාවේ. මොකක්ද එතැනවුණේ? තව එක්කෙනෙක් හිටියා පෙට්ට්‍රෝලියම් එකේ. මේ අය වාඩි වුණාට අලාභ එකක්වත් නවත්වාගන්න බරි වුණා. තවත් මොනවද කතා කරන්නේ?
මේ අය හිටියා කියා වෙනසක් වෙන්නේ නෑ. කවුරු හෝ වරදක් කර තිබෙනවා නම්, නීතිය ඉදිරියට යන්න ඕන. කිසිම පක්ෂයක් රජයේ මුදල් පාවිච්චි කරන්න අවශ්‍ය නෑ.
ඒ අය කමැත්තෙන් ඉවත් වී තිබෙන්නේ.මෙය අපේ තීරණයක් නොවේ.ආණ්ඩුව කළ එකක් නොවේ. කවුරුහරි ඉල්ලා අස්වෙනවා නම් එයට කවුරු හෝ දාන්න පුළුවන්. අපිට කණගාටුයි, මිනිස්සුන්ටයි ගෙවන්න වෙන්නේ යැයි අග්‍රාමාත්‍යවරයා පැවසී ය