කොළඹ 10 ආනන්ද රාජකරුණා මාවතේ අංක 41 දරණ ස්ථානයේ දැනට පිහිටා ඇති ආගමන හා විගමන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය හා මහනුවර, මාතර, වව්නියාව යන ප්‍රාදේශීය කාර්යාලයන් හෙට (26)දා මහජන සේවාවන් ක්‍රියාත්මක නොවන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
කාර්යක්ෂම හා කඩිනම් සේවා තවදුරටත් පුළුල් කරමින් මහජනතාවගේ සුබසිද්ධිය උදෙසා ආගමන විගමන දෙපාර්තමේන්තුව අගෝ: 29දා සිට බත්තරමුල්ල "සුහුරුපාය" නව ගොඩනැගිල්ල වෙත රැගෙන යාමට නියමිත බැවින් මෙම තීරණය ගෙන ඇත.