රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (17) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව සඳහන් කළ අතර ඒ අනුව දේශිය බදු 22%කින් වැඩි වී තිබෙන බව ද පෙන්වා දුන්නේය.
එසේම සුරා බදු ආදායම 22%කින් සහ රේගු බදු ආදායම 40%කින් වැඩි වී තිබෙන බව ද ඒ මහතා සඳහන් කළේය.
අමාත්‍යවරයා ප්‍රකාශ කළේ රජය නිසි කළමනාකරණයකින් යුතුව කටයුතු කිරීම හේතුවෙන් මෙම බදු ආදායම වැඩි කර ගැනීමට හැකි වී තිබෙන බවයි.